"මං ගොඩාක් ආදරෙයිනෙ!"
මං කියනවත් එක්කම අද්වි මාව තවත් ටිකක් තුරුල් කරගෙන බෙල්ල අස්සට මූණ ඔබාගත්තා.
දැන් ඉතින් මගේ ලස්සන පිච්ච මල සද්ද නැතුවම අඬනවා.මුලින්ම කැම්පස් එකේදි දකිද්දි මොකාද වගේ ඔරවගෙන හිටපු කොල්ලා,
ඊට පස්සෙ මගේ ලඟදි ඉරක් වගේ හිනාවුන කොල්ලා,
මෙහෙම ඉටිපන්දමක් වගේ වැක්කෙරිලා වැටෙනවට මං පොඩ්ඩක්වත්ම කැමති නෑ.
ඇත්තම කිව්වොත් මගේ ජීවිතේ වෙච්ච හැම සිද්දියකටම ආයෙම පාරක් මූණ දෙන්න මං කැමතියි මූ මෙහෙම ඉන්නවා දකිනවට වඩා.
මං නිසා මේ කොල්ලා නිකරුනේ විඳවනවා."අද්වී.."
මං හෙමීට ඌට කතා කලා.
උත්තරයක් වෙනුවට ඇහුනෙ හෲස් ගාලා හොටු අදින සද්දයක්."උඹ දන්නවද වැඩක්?"
මං පොඩ්ඩක් වෙලා බලාගෙන හිටියා.
මුගෙන් කිසිම උත්තරයක් නෑනෙ."මේ.. ඒයි!
අහනවකො ඉතින්!""මොකද්ද?"
"ඉස්සර පොඩි කාලෙ අපි සෙල්ලම් කරන්න යන පිට්ටනියක් තිබුනා හරිද?
ඉස්කෝලෙ නිවාඩු දුන්නම අපි එතන සරුංගල් අරිනවා.
ඉතින් මම තමයි උඩම යන සරුංගල් හදන්නෙ.
දවසක්දා මාර වැඩේනෙ වුනේ!""මොකද්ද?"
"හමුදාවෙන් ආවනෙ ගෙදරට!"
"ඇයි?"
"මගේ සරුංගලයක් උඩ ගිය තරමට ඒක එයාෆෝස් ප්ලේන් එකක පැටලිලා!"
"බොරු!"
"බොරු නෙමේ බං!
ඇත්තම ඇත්ත!
ඒ පාර මං නිසා ජාතික ආරක්ශාවට තර්ජනයක් ඇති වෙනවා කියලා මාව යුද්ධ ටැංකියක් අස්සට දාගෙන අර කීවෙනිද මන්දා තට්ටුවට එක්ක යන්න හැදුවනෙ.
අම්මෝ!
බය වෙච්ච පාර මං කෑගහ ගහ ඇඬුවා!""එහෙම වෙන්නෙ කොහොමද බං?"
"ඒකනෙ කියන්නෙ!
කොහොම හරි වුනානෙ.""ඉතින්?"
"ඉතින් මං ඒ කාලෙ ඉඳන්ම වැඩකාරයනෙ.
පැනලා දිව්වා පණ එපා කියලා පාර දිගේ!""ඊට පස්සෙ?"
"ඊට පස්සෙ නැන්දා ඇවිත් පු#ට දෙකක් ගහලා ඇහැරෙව්වා ඉස්කෝලෙ යන්න පරක්කුයි කියලා!"