අද්වි එකපාරටම කට් කලාට පස්සෙ මට කරන්න දෙයක් හිතාගන්න බැරි වුනා.
ඒ මොකද්ද ඒ වුනේ?
ඇයි ඌ නිකං අමුතු විදියට කතා කලේ?
දැන් මං මොකද කරන්නෙ?
ආයෙම ගන්නවද? නැද්ද?හැබැයි සමහරවිට ඌ මාව බොරුවට බයිට් කරන්න තමයි අරහෙම කියන්න ඇත්තෙ.
දැනටමත් මෙහේ එන ගමන් වෙන්නැති.
ඔව්.
ඒක තමයි වෙන්නැත්තෙ.
නැත්තම් කවදාවත්ම අද්වි මෙච්චර ලඟට ඇවිත් මාව නොබලා යන්නෑ.
මං දන්නවනෙ.
මාත් ඉතින් තේරුමක් නැතුව බොරුවට කලබල වෙනවනෙ ප්‍රමිතයා කියන්න වගේ.
ඉතින් මං එලියට වෙලා තවත් ටිකක් වෙලා බලාගෙන හිටියා.ඒත් ඌ ආවෙ නෑ.
කළුවර වැටෙනකල්ම බලාගෙන ඉඳලා මං කාමරේ ඇතුලට ආවා.
අද්වි, උඹ කොහොමද බං මට මෙහෙම කලේ?"ආ! කාපං!"
ඇඳට වෙලා ඔහේ කල්පනා කර කර හිටපු මාව මේ ලෝකෙට ඇදගෙන වැටුනෙ ප්‍රමිතයා කෑම එකක් ගෙනත් මගේ අතට දෙද්දි.
"මේ... චුක්කා!
අද දිගා අයියා කැම්පස් ආවද බං?"මං ප්‍රමිතගෙන් ඇහුවෙ හරිම මූසල විදියට මං පරාද වෙලා වගේ හැඟීමක් හිතට දැනෙද්දි.
අද දවස ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියද මං?
ඇත්තම කිව්වොත් බලාපොරොත්තු තියාගෙන හිටියා නෙමෙයි,
මං උඹව විශ්වාස කලා අද්වි.
උඹ කියන සුරංගනා කතා සේරම ඇත්තම කියලා හිතාගෙන විශ්වාස කලා.
ඒත් උඹ කිසිම ගානක් නැතුව මගේ ලස්සන හීන මාලිගා ඔක්කොම බිමට සමතලා කරලා දැම්මා."මොකටද මගෙන් අහන්නෙ?
අහගනිංකො උගෙන්ම!
ඇයි තෝ ආයෙම මොකක් හරි මගුලක් අල්ලගෙන ඌව මරාගෙන කන්නද හදන්නෙ?"මං ප්‍රශ්නෙ අහපු මිනිහා වැරදියි. මොකද ප්‍රමිතයා කියන්නෙ අනුන්ගෙ වේදනාවක් තේරෙන මිනිහෙක් නෙමෙයිනෙ.
ඌ මට බැන බැනම එරෙව්වා."හහ්!
ඔව් ඔව්.
මම තමයි මෙතන හැමඑකාවම මරාගෙන කන්න යන යකා!
තොපි සේරම පට්ට සුද්දවන්තයොනෙ!
හැබැයි ඉතින් පුදුමෙකුත් නෑ.
කොහොමත් උඹට එදා ඉඳන්ම සින්නොන්ට පු# දෙන්න පුදුම අමාරුවක්නෙ තිබුනෙ!"මාත් අනිත් පැත්තට කෑගැහුවා.
"මොකද්ද...?
පු# දෙන්න??
අපොයි ඔව් ඔව්!
මමම තමයි සින්නොන්ට පු# දෙන්න ගියේ.
අනේ! මේ බකයො, මගෙන් කුණුහරප නාහා තියෙන වැඩක් බලලා කරගනිං.
අනික අරූව හැම මගුලකටම මරාගෙන කන්න හදන්නැතුව ඌ උඹ වෙනුවෙන් කරන දේවල් ගැන හිතලා සතුටු වෙයං.
ඌට මේ බඩ බැඳගෙන උඹේ ගැන විතරක්ම බල බල ඉන්න බෑනෙ තුන්සිය හැටපස් දවසෙම.
නිකං ගොන් ආතල් දිදී කොල්ලොන්ට වද දෙන්නෙපා.
මොකද ඕවා ඉවසලා ඉවසලා එපා වෙන දවසට උන් ආයි හැරිලාවත් බලන්නෑ.
ඇත්තටම දිගංචියා උඹත් එක්ක ඉවසන්නෙ එසේ මෙසේ ඉවසිල්ලක් නම් නෙමෙයි.
මගේ බල්ලවත් ඉවසන්නෑ ඌ ඉවසන තරමක්!"