50

100 24 122
                                    

"අද්වී..
මං අනිවාර්යයෙන්ම උඹව හොයාගෙන එනවා.
මගේ පණ තියෙනකල් අපි කවදාවත්ම වෙන්නෙ නෑ!"

හසූ මගේ නලල ඉඹිනවා.
මං උගේ ඉණ වටේට අත දාලා තවත් ටිකක් තුරුල් වෙනවා.

"ම්..
ආදරෙයි හසූ..!"

මං හෙමීට මුණු මුණු ගෑවා.
ඒත් මූ කතා කරන්නෙ නෑනෙ.
ඇයි ඒ?

"හසූ..?
හසූ!!
හසූ!!!!"

මං ඇහැරිලා වටපිට බැලුවා.
නිදාගනිද්දි මං ලඟ හිටපු මගේ කොල්ලා කෝ?
අනික...
අනික...
මං කොහොමද මේ ගෙදර ඉන්නෙ?

"ආ..හ්!"

ඔළුවත් රිදෙනවා ඉන්නම බෑ.
මං ඇස් දෙක පියාගත්තා.
ආයෙම ඇරියා.
ඔළුව පැලෙන්න වගේ!

අමාරුවෙන්  වටපිට බලද්දි ඇඳ ලඟ පුංචි කබඩ් එක උඩ වතුර වීදුරුවක් එක්ක පැනඩෝල් කාඩ් එකක් තියලා තියෙනවා මං දැක්කෙ.
ඉතින් ඒකෙන් පැනඩෝල් දෙකක් අරන් මං එහෙම්මම ගිල්ලා.

ඊයෙ මොකද වුනේ?
මං ගෙදර ආවද?
එතකොට හසූට මොකද වුනේ?
නෑ!
ඒක වෙන්න බෑ!
මං කීයටවත් හසූව දාලා එන්නෙ නෑ.

එහෙනම් මොකද වුනේ???

ඊයෙ දවසම විකාර නැටුවා.
මං ඉව්වා.
හසූ මට කැව්වා.
රෑට හසූ නූඩ්ල්ස් හැදුවා.
අපි බිව්වා.
සින්දු කිව්වා..
ඊට පස්සෙ මොකද වුනේ?

ශිට්!
කිසිම දෙයක් මතක් වෙන්නෑනෙ.
කරුමෙටම ෆෝන් එක කොහෙද කියලා හොයාගන්නත් නෑ.

ඒත් බඩ ගාගෙන හරි ගිහින් හසූ ගැන හොයලා බලන්න ඕනෙ.
ඊයෙ රෑ මොන මගුලක් වුනාද මන්දා!
ආයෙ නම් කවදාවත් මොකාද වගේ බොන්න යන්න හොඳ නෑ.

ඔළුව බල්ලටම දාලා දත කාගෙන මං නැගිට්ටා.
ඇස් දෙකෙන් කඳුළුත් පැන්නා.
එහෙන් ඔළුවත් කැරකෙනවා.
හපොයි!
මට මෙහෙම නම් හසුවට කොහොම ඇත්ද?
ශිට්!
ඌ ලඟ කවුරුත් ඉන්නවද දන්නෙත් නෑ උදව්වට!
මාත් මොන මගුලකට ගෙදර ඇවිල්ලද මන්දා!

මං ලෝක අමාරුවෙන් ගිහින් දොර අරිනවත් එක්කම දැක්කෙ අම්මා කෑම ට්‍රේ එකකුත් උස්සගෙන පඩිපෙල නගිනවා.

"පුතා!
ඇහැරුනාද?
එහෙනම් ඇඳට වෙලා ඉන්න ළමයෝ!"

අම්මා මාව දැක්ක ගමන් කෑගහන්න පටන් ගත්තා.

කඩතොළුWhere stories live. Discover now