45

108 28 170
                                    

"අද්වි..."

"ම්..."

"මාත්!"

"මාත්?"

"මාත් චුට්ටක්!"

"චුට්ටක්?"

"චුට්ටම චුට්ටම චුට්ටම චුට්ටක් ආදරෙයි !"

හසු ලස්සනම ලස්සන රෝස මලක් වගේ මාත් එක්ක හිනා වුනා.
මං පුදුම වුනා.
ඇත්තටම මේ හීනයක්වත්ද?

"ආදරෙයි?"

"හ්ම්..."

ඒ ලස්සන මූණ යාන්තමට රතු වෙලා බිමට හැරුනා.
පිස්සු හැදෙන තරම් හයියෙන් මගේ පපුව ගැහෙන්න ගත්තා.
මං අත දික් කලේ ඒ රෝස පාට තොල් දෙක අල්ලලා බලන්න.
ඊට පස්සෙ මගේ තොල් වලින්ම ඒවා ගොළු රලා දාන්න.

ඒත්....
ඒත්....

"අනේ හසූ!!!!"

මං බය වෙලා දාඩිය දාගෙන ඇහැරුනා. මගේ ලඟ තුරුල් වෙලා හිටපු හසූව කළුම කළු පාට දුමාරෙකින් වැහිලා නොපෙනී ගියා.

දෙවියනේ!
ඒක හීනයක්.
හීනයක් විතරයි.

ගිඩි ගිඩි ගගා වේගෙන් ගැහෙන පපුවත් මිරිකගෙන මං වෙලාව බැලුවා.
පාන්දර එකහමාරයි.

අනේ හසූ...
උඹ පරිස්සමින් නේද රත්තරං?
මට බයයි.
කවමදාකවත් කිසිම හේතුවකට මට උඹව නැති කරගන්න ඕනෙ නෑ.

ඉතින් මං ෆෝන් එක අරන් හොස්පිට්ල් එකට කෝල් කලා.
ඒ මිනිස්සු මේ මහ රෑ කතා කරා කියලා බනියිද දන්නෑ.
ඒත් ඒකට කමක් නෑ.
හසූට කොහොමද කියලා දැනගන්නෙ නැතුව මට බෑ.

"හෙලෝ...
මාව දොලහෙ වාට්ටුවට දානවද?"

එක්ස්චේන්ජ් එකෙන් වෝඩ් එක ඉල්ලලා මං බලාගෙන හිටියා.
වෙලාවට එක රිං එකක් යද්දිම ෆෝන් එක ආන්ස්වර් වුනා.

"හෙලෝ..
මම මදහස් වික්‍රමනායක ගැන දැනගන්න කතා කලේ.
එයා හොඳින් ඉන්නවා නේද?"

"මදහස්?
ඔව්!
එයා හොඳින් ඉන්නවා.
ඇයි මේ වෙලාවෙ කතා කලේ?"

"ආ... අනේ සමාවෙන්න.
මම ලංකාවෙ නෙමෙයි ඉන්නෙ.
ඒ නිසා වෙලාව පොඩ්ඩක් පැටලුනා.
එයා ඇත්තටම හොඳින් නේද?
මට පොඩ්ඩක් බලලම කියන්න පුළුවන්ද?"

කඩතොළුOnde as histórias ganham vida. Descobre agora