13 Chp📌️

736 160 32
                                    


..

..

..



ටක්...ටික්...ටක් ටික්.....

    නිහඩකම......ඔරලෝසුවේ තප්පර කටුවෙන් නොකඩාව බිදිලා ගිය නිහඩකමක් නොවන නිහඩකම.....හරි දරුනුවට කාර්‍යාල කාමරය පුරාම පැතිරිලා තිබුනේ නිහඩකම.....



  
...එයා මැරෙයිද අකේල්‍ය...

...මැරෙයිද.. ?..යකෝ කරන්න පුලුවන් සේරම කරලා අන්තිමට උබ මැරෙයිද කියලත් අහනවද මිතූ...

...හරියට කතා කරනවා අකේල්‍ය මන් තමුන්ගෙ බොස්.....

...ඔව් ඒකනේ අපිට මේ හෙනේට හිටියේ....


   අකේල්‍ය කුටු කුටු ගාලා බනින ගමන්ම අයිස් කැට ටික දාපු ලේන්සුව එයාගෙම අතට තද කරලා බැලුවා...



...තමුසෙට පිස්සුද අකේල්‍ය අයිස් තියන්න හදන්නේ..මෝඩයෙක් නොවී ඔය මනුස්සයව හොස්පිටල් අරන් යනවා අයිසේ ...

..උබ ඒක මටද කිව්වෙ මිතුආහ්..මේහ් මටද කිව්වේ...

...................

...යකෝ හොස්පිටල් අරන් යමන් කියන්නෙ මන්ද මේ කොල්ලගෙ ඔලුව පැලුවේ ආහ්..

..නැත්නම් මන්ද..

..ඇයි උබ නැත්නම් වෙන කවුද...



    මේ තරම් සෝෆා එක ලග දන ගහන් හිටිය අකේල්‍ය නැගිට්ටේ ඉනටත් අතක් තියාගෙන කෑ ගහන ගමන්..ඒ නැගිටපු වේගෙත් එක්කම මිතූ අඩියක් පිටිපස්සට තියලා ගස්සලා වගේ අහක බලාගද්දි...අකේල්‍යට තවත් කේන්ති යන්න ගත්තා...ඒ ඇස් කෙවෙනි රතු වෙන්න ගත්තා....


...තමුසෙ මොකද ඔහොම බලන්නෙ ආහ්....තමුසෙ හිතන්නෙ මන් ඔය මනුස්සයගෙ ඔලුව පැලුව කියලද...හහ්...පිස්සු හැදෙයි..එයාම තමා දුවන් ඇවිල්ලා ක්..කකු..ල හැප්පිලා බිම වැටුනේ...මන් මොනවත් කලේනෑ .ම්...ම..න් දන්නෙවත් නැ...


      අකේල්‍යට මෙව්වට තමා නගින්නේ....පෙශර් පෙශර්!...ඇස් කොනින් රවාගෙන පපුවටත් අත් දෙක බැදගෙන මිතු කියාගෙන යද්දි අකේල්‍ය හිතුනා ඇදලා ඇරන් හිල් වෙන්න එකක් අනින්න....පිස්සන් කොටුවක් ගානට කැබින් එක පුරාම විසිරිලා තියෙන කඩදාසි..බිදුනු මල් වාස්..බොක්ස් ෆයිල්ස් දිහා බැලුවම වෙලා තියෙන්නෙ මොකක්ද් කියලා තේරුම් ගන්න බැරි තරමට අකේල්‍ය මෝඩයෙක් නෙවේ...එයාට තියෙන ලොකුම ප්‍රශ්නෙ මේක අස්සට කොහෙවත් ඉන්න ආනෙත් පැටලුනෙ කොහෙන්ද කියලයි....


~BO$$ BAB¥~(‍‍‍‍‍Zhanyi) Tahanan ng mga kuwento. Tumuklas ngayon