07 Chp📌️

1.1K 212 39
                                    

07

..

..

..





   පැය ගානක් ගතවෙලා ගිහිල්ලා....ගත වුනු පැය ගානටම කොහෙදෝ කොනක හැංගිලා තිබුනු හදත් අඩමානෙට වලාකුළු අතරින් එලියට ඇවිල්ලා....හදේ පාලුව මකන්න තරුත් එක්ක වැහි වලාත් පාවෙලා ඇවිත් තිබුනා උනත් මිතූට නම් වැහිබර අහස ගැන වදවෙන්න තරම් හිතක් නොවුනු තරම්....වැස්සක් ගැන හිතනවට වඩා තවත් හිතන්න නම් ඕන තරම් දේවල් තිබුනු තරම්..



..ඩෑඩ්...

..ම්ම්...

..ඇත්තටම බහිරවයෝ මිනිස්සුන්ව කන්නෙ නැද්ද ඩෑඩ්....


   ඉතින් තමන්ගෙ එකම දරුව අහපු ප්‍රශ්නෙත් එක්ක කන්නාඩිය ඉස්සරහට වෙලා අත් දිග සුදු කමිසෙ බොත්තම් පියවන ගමන් හිටිය සහශ්‍ර හැරිලා බැලුවෙ ඇස් දෙකක් අමුතු කරන්....

..යාහ් බබා...කී වතාවක් කියන්නද මන් ඕක...බහිරවයන්ට මිනිස්සුන්ව කන්න බෑ...කවුද ඔය බොරුව මගෙ කොල්ලට කිව්වෙ ආහ්...

..කිව්වෙ කවුද නෙවේ ඩෑඩ් මට ඇත්ත කියන්න....ඇත්ත කියනකම් මන් අහන එක නතර කරන්නෑ...!

   මිතූ මුරන්ඩුකමට අඩියකුත් පොලොවෙ හප්පලා පපුවට අත් බැදන් බිත්තියට හේත්තු වෙද්දි සහශ්‍ර ආයෙත් කන්නාඩිය දිහාට හැරුනා...සහශ්‍රට කන්නාඩියෙන් පේනවා මුරන්ඩුකමට බලන් ඉන්න මිතූව....කොයිවෙලාවෙත් රවාගෙන ඉන්න...බැලුවොත් ඇත්නම් ඇගට කඩාපනින්න හදන ඒ ඇට්ටර කොල්ලව...


..ආපු වෙලේ ඉදන් බහිරවයෙක් අල්ලන් කියෝනවා..මොකක්ද බබා වෙලා තියෙන්නේ..නිදානයක්වත් ගොඩගන්න යනවද ආහ්..

...............

..ඕකට රවන්න ඕනද...ඔය තරම් බහිරවයෝ ගැන අහන්නෙ නිදන් ගොඩ ගන්න හදන උන් තමා..බැලුවොත් ඇත්නම් ඔරවගත්තු ගමන්මයි....ඔච්චර බහිරවයා ගැන දැනගන්න ඕන නම් කන්නාඩියකින් මූන බලනවකෝ බබා පෙනෙයි බහිරවයව..!

..අනේ මේ ඩෑඩ්...

..ඇයි මොකද ඩෑඩ් තමා....නැත්නම් මාව බාප්පොච්චියා වගේ පේනවද..

...දෙයක් ඇහුවාම එකපාර උත්තර දෙන්න දන්නෙ නැද්ද ඩෑඩ්...බොරුවට මගෙ කාලේ කන්න එපා....


~BO$$ BAB¥~ Where stories live. Discover now