12 Chp📌️

1K 195 55
                                    


..

..

..





     සමහර අවස්තාවල වැහි මන්දාරමේ හැංගිලා තියෙන්නෙ මෙච්චරයි කියන්න බැරි මූසලකමක්.....හදවත පාලුවකින් වෙලා ගන්න ,මොකක්දෝ නොදන්න වේදනාවකින් ගතම හිරි වට්ටන අමුතුම හැගීමක්...

චස් චස්.....


   තනි කලු රබර් සෙරෙප්පු දෙකට තෙත් උනු ගුරු පාර පෑගිලා දෙපැත්තට මඩ විසික් උනත් මන් නෙවේ නතර උනේ...ඇවිදින වාරයක් පාසා විසි වෙන මඩ බිදිති කලිසමේ තැවරෙන බව දැන දැනත් මන් නෙවේ නතර වෙන්න හිතුවේ.....අහසේ ඉහලින් තනි සුදුවෙන් වැහිලා ගියත්....ගුරු පාරෙ කෙලවරේ තිබුනු විසාල මාර ගහේ මුදුනවත් හරිහැටි නොපෙනෙන තරම් තද දම් පාටකින් ආකාසේ වැහිගෙන තියෙද්දි....හිත කිව්වා මහ වැස්සක් අත ලගයි කියන්න...ගුරු පාර දෙපැත්තේ මිනිහෙක් තරම් උසට වැවුනු ඉලුක් පදුරු සෝසෝ හඩත් එක්ක එකිනෙකාට කොදුරද්දි....කුමන්ත්‍රනයක් කරන්නදෝ හැංගි හැංගි මතුවෙන්න ගද්දි....මන් තවත් පය ඉක්මන් කලා....ගස් ගල් කඩාගෙන යන්න තරම් හමපු හුලග එක්ක වැහි වලාකුළු පාවෙලා යයි කියලා හිතුවත්..වැහි බිදු එක දෙක නලල් තලය තෙමාගෙන නිකට දිගේ බේරීගෙන යද්දි මන් තව තවත් ඉක්මන් උනා.....

   තෙරක් නොපෙනන තරම් විහිදුනු ගුරු පාරක්....වාහනකට යන්න පුලුවන් තරමේ ඒත් අතෑරලා දාලා වල් වැදුනු පාරක්....ඒ පාරෙ කෙලවරේ තිබුනේ තිතක් තරම් පොඩිවට පේන මාර ගස් පේලියක් විතරයි....හොදට හයිය හත්තිය තියන උසෙන් වගේම ප්‍රමානෙනුත් විසාල මාර ගස් හැදෙන්නම අතු පතර හැම අතටම විහිදන් වෙද්දි...කොයිතරම් කලාත්මක උනත් මාර ගහක් යට ඉද්දි දැනෙන්නෙ මහ මූසල හැගීමක්...ඒකත් මාර ගහක් එක්ක වැහි කලුවක් එකතු උනාම...ඒක මහ බය වෙලා පැනලා දුවන්න හිතෙන හැගීමක්.....

මොකද කිව්වොත් මාර ගස් හුගක්ම තනි රකින්නෙ අමු සොහොන්වලට..!

හැමදේම අපහැදිලියි...මට මතක වේගෙන් වේගෙන් ඉස්සරහට ඇවිදන් ගිය මම මාර ගස් පැත්තට නොයා වෙන කොහෙටදෝ හැරුනා කියන එක විතරයි....වැහි බිදු එක දෙක වේගෙන් වැටෙනවා....මුලින්ම හීතලක් එක්ක සැහැල්ලුවෙන් ඇද වැටුනු වැහි බිදුම දැන් වැලි අහුරුවලින් දමලා ගහනවා හා සමාන හැගීමක් දනවද්දි...මන් විසාල ඉලුක් පදුරු අස්සෙන් තව කොහෙටදෝ ඇවිද්දා....නෑ...ඇවිද්දා කියනවට වඩා මඩ තලි විසික් කර කර මන් ඒ පාර දිගේ දිව්වා...

~BO$$ BAB¥~ Donde viven las historias. Descúbrelo ahora