09 Chp📌️

1.1K 214 73
                                    


..

..

    කිසිම විශේශයක් නැතිවම දවස් දෙකක් ගතවෙලා යන්න යද්දි එක දෙයක් ඇරෙන්න අනිත් හැමදේම මගෙ ජීවිතේ ඇතුලෙ සාමාන්‍ය විදිහට ගෙවිලා ගියා...පුරුදු විදිහටම...පුරුදු තාලෙටම  ජීවිතේ ඒකාකාරීව ගෙවිලා ගියා උනත්....සාමාන්‍ය විදිහට ගෙවුනු ජීවිතේ අසාමාන්‍ය උනු එකම දෙ නිසා හුගක් අවස්තාවල මටත් නොදැනී මගෙ ජීවිතේ වෙනස් අතකට පෙරලිලා යන්න ගත්තා....

..ඒ ඒ නවත්තපන් නවත්තපන්..අයිනට කරලා නවත්තපන් ....

     ට්‍රැෆික් එක ඉවර උනත් හරි..මට ඕන උනේ බාදාවක් නැති කෙලින් පාරෙ වේගෙන් යන්න උනත්...පිටිපස්සෙ එල්ලිලා හිටිය පේශල උරහිසටත් පාරක් ගහගෙන කෑ ගහද්දි ඇයි කියලා නාහම මන් පාර අයිනට කරලා බයික් එක නතරකලා...

...මොකද බන් බෙල්ලෙ එල්ලිලා කෑ ගහන්නේ.උබේ පන යන්න එනවද...

..පන යන්න එනවද නැද්ද කියලා බලන්න පොඩ්ඩක් හැරිලා බලහන්කෝ...

      ඇත්තටම මට වෙලාවකට තරහයි..පේශල කියන්නෙ ඕනා එකයි එපා එකයි දෙකම හොයන කොල්ලෙක්...බැරිවෙලා හරි අදත් ඔය කතා කලේ පාරෙ අයිනෙ බල්ලෙක් බැල්ලියකගෙ පිට උඩ නැගන් ඉන්න එකක් හරි...පොඩි ඇටයෙක් සිගා එකක් ගහන එකක් හරි පෙන්නන්න නම් මන් හිතාගත්තෙ තැන නොතැන නොබලා ඇඩෙන්නම දෙකක් අනිනවා කියලා...මොකද කිව්වොත් පේශල කලොත් කරන්නෙම ඒ ජාතියෙ වැඩ...මගෙ ලේ කෝප කරන...අන්‍තිමට උටම ගුටිකන්න වෙන වැඩ.....අදත් ඔය ලෑස්ති වෙන්නෙ ඒ වගේ දේකට නම් පිට පුපුරන්න එකක් දෙන්න බලාගෙන පේශල කිව්ව විදිහට ආපස්සට හැරිලා බැලුව උනත්...මගෙ ඇස් ලොකු උනේ මටත් නොදැනී....

...යකෝ ඒ උබවමයි මාවයි නාවගෙන ගිය සක්කිලියගෙ කාර් එක යකෝ...බලහන් බලහන්....ඕයි හුත්තෝ ඌ යන්නෙ අපේ ඔෆිස් එකට නේද පගෝ...

..ම්ම්..

..ම්..ගාන්නේ පොඩ්ඩක් ඇස් කන් ඇරලා බලපියකෝ....මොකා උනත් ඒ සක්කිලියා අදත් ආවේ තෝවයි මාවයි නාවන්න බලාගෙන...අයිනකට ඇල්ලුවේ නැත්නම් තොටයි මටයි දෙන්නටම නමෝ විත්තියෙන් නාගෙනම යන්න තිබ්බා....

    අමතකයි කියලා හිතුවට පේශලට අමතක නැති ගානයි....පාටක් කියන්න අමාරු...මිතූගෙ ඇස් වගේම ආකර්ෂණීය පාටක් තිබුනු ඒ කාර් එක ඇහිපිය ගහන වේගෙට ඔෆිස් එකට යන අතුරු පාරට හැරුනේ රේස් එකක් යන ගානට...ඒක ඩ්‍රයිව් කරන්නෙ එයාද නැත්නම් ඩ්‍රයිවර් ද කියලා දන්නෑ..ඒත් මට දැනුනු එකම දේ නම් කාට උනත් තියෙන්නෙ එසේ මෙසේ රථ ගායක් නෙවේ කියලා...වන් වේ රෝඩ් එකක් බව දැන දැනත්...පාරෙ තවත් වාහන යන බව දැක දැකත් පාර අප්පගෙ බූදලයක් ගානට අයිති කරන් ඒ ගිය තාලෙට...පේශල කිව්වෙ නැත්නම් අදත් අපි දෙන්නට හොදවයින් මඩ වතුර පාරක් නාගන්න තිබ්බා....කොල්ලා වෙලාවට පිටිපස්ස හැරිලා බැලුවෙ නැත්නම් ලෙඩ ඇදේ ඉන්න මිතූගෙ අම්මට එක දිගට නහය දැවිල්ල අල්ලන්න හේතු හැදෙන්න තිබ්බා....

~BO$$ BAB¥~ Место, где живут истории. Откройте их для себя