11 Chp📌️

1K 215 28
                                    

..

..

..

   






.

.
.
.
.




ටක් ටක් ටක්........

   මිතූගෙ ඇස් බිත්තියෙ ලොකුවට එල්ලලා තිබුනු පරන තාලේ ඔරලෝසුව ලග නතර උනා.....

ටක් ටක් ටක්..........

   ඒ පමාවට ඒ ඇස් කැරකිලා ගිහින් එයාගෙ අත බැදුනු ඔරලෝසුව මතත් නතර උනා...

ටක් ටක් ටක්..........

  එකම වෙලාව...කීවතාවක් බැලුවා උනත් ඔරලෝසු දෙකේම තිබුනේ එකම වෙලාව.....4.50....ඔරලෝසු වේලාව හතරයි පනහයි...ම්හ් නෑ....ඒක දුර වැඩියි...ටිකක් නෙවේ හුගක් දුරයි...පහට දහයයි.....මිතූට අනුව වෙලාව ඔන්න දැන් පහට දහයයි.....


..බොස් මේ ෆයිල් එක..

..ම්න් දෙන්න....

    තප්පර පහක්වත් ගත නොවෙන්න ඇති...මිතූ ආයෙත් වතාවක් ඔලුව උස්සලා බලන ගමන් බිත්ති ඔරලෝසුවෙ වෙලාවත්...අත් ඔරලෝසුවෙ වෙලාවත් බැලුවේ හරියට ඒ පමාවට වෙලාව ගිහින් ඇතියි කියලා හිතලා වගේ...තප්පර පහෙන් විනාඩි පහක් ගෙවිලා යන්න ඇති කියලා හිතලා වගේ...


...එහා පිටුවත් සයින් කරන්න ඕන බොස්..

..ම්ම්...

   මහ ලොකුවට කතා නොකලත් මිතූගෙ පෞද්ගලික ලේකම්වරිය දැක්කා කීවෙනි වතාවටදෝ ආයතන ප්‍රධානිතුමාගෙ ඇස් මාරුවෙන් මාරුවට ඔරලෝසු ලග නතර වෙනවා....ඒ හැම මොහොතකම නොරිස්සුමෙන් වාගේ හුස්මක් පාත දානවා.....වෙනදට විනාඩියට දෙකට කියවන ලිපිගොනු අද කොහෙදෝ වෙන කල්පනාවක හිටිය ගානට එකම පිටුව දෙතුන් වතාවක් කියවනවා....

   ෆයිල් එක අත්සන් කරලා ඉවර උනත් තරමක් මැදිවියේ හිටපු ලේකම්වරියට ආපහු යන්න නොහිතෙන ගානයි....ඒ ඇස් තිබුනෙම කලබලකාරීව ඔරලෝසු මතින් එහෙටත් මෙහෙටත් දුවන ඒ හිතුවක්කාර ඇස් ලග නැවතිලා....විටෙක අතැගිලි මිටි මොලවාගෙන..තවත් විටෙක ඒ මිටි මොලවපු ඇගිලිවලින් මේසෙට ඇහෙන නෑහෙන ගානට තට්ටු දාන ගමන් නොසන්සුන්කාරිව ඒ හුස්ම පවා හරි හරියට පිටවීගෙන යද්දි....එයාගෙ ඇස් රැදිලා තිබුනෙම ලාබාල ආයතන ප්‍රධානිතුමාගෙ මූන මත නතර වෙලා...

~BO$$ BAB¥~ Where stories live. Discover now