06 Chp📌️

683 152 40
                                    


06

..
..
..







   බත් එක..!...ඒකට ඇත්තටම මොකද උනේ..එහෙම කොහොමද බත් එකක් බෑග් එකක් ඇතුලින් අතුරුදන් වෙන්නේ..මේක වෙන්න පුළුවන් දෙයක්ද......


   මන්දා...මට හරි අමුත්තක් දැනුනා.....බෑග් එක ඉදුල් ගද ගහාවිදෝ කියලා සැකෙන් කවර දෙකක් ඇතුලට දාලා පරිස්සමට ඇතුලට දාගත්තු බත් එක....බත් එක තැලෙයි කියන බයට අද වතුර බෝතලය පවා බෝඩිමේ දාලා ආවා...ඔෆිස් එකට එකට ආව තැන ඉදන් ඇවිත් ටේබල් එකෙන් වාඩිවෙනකම් විස්වාසයි බත් එකේ බර හොදටම දැනුනා කියන්න..බත් එකේ සුවද පවා දැනුනා කියන්න.....

  මට හීල්ලුනා...නිකම් නෙවෙ කලු පාට ලෙදර් බෑග් එක මිරිකගෙනම මට හීල්ලුනා...උනුම උනු කැඩි හාල එක්ක පොලොස් මාලුවක් එක්ක ඇබුල් තියල් දාපු වැව් මාලුත් කොස් ඇට එකතු කරාපු වට්ටක්කා මාලුවත් එක්ක මදගින්නෙ පිහලා ලා කොල පාටක් වෙන්න හදාපු ගෝවා මැල්ලුමෙන් රහවැටුනු බත් පත කොහොම අතුරුදන් උනාද...මතක් කරන මොහොතෙදිත් කටට කෙල ඉනුවා උනත්...ඒ බත් පත හදන්න ගිනි අවුවේ අම්මා පොලවල් ගානේ ගිහින් උගුර ලේ රහ වෙනකම් කෑ ගහලා මොන දුකක් විදින්න ඇද්ද...අතට හම්බෙන පනහෙ කොල විස්සෙ කොල සීයෙ කොල එක්කාහු කරලා කඩේ මුදලාලිගෙ නය පියවනවා වෙනුවට අපි තුන් දෙනා වෙනුවෙන් බත් පතක් හදලා එවන්න මොනතරම් කයිකතන්දර අහගන්න ඇද්ද...කටහොද නැති මුදලාලිලා අනිවාර්යයෙන් අම්මට ඇනුම් පද කියන්න ඇති.....හාල් සේරුවක් ගන්න ගියත් නය පොත මතක් කරලා ආඩපාලි තියන ඒ මිනිහා අම්මා මේ තරම් එලවලු තොගයක් එක්ක මාලු කූරියන්ට සල්ලි දික් කරද්දි ඒ මිනිහා නය පොත මතක් කරලා මදිපාඩුවට කොලබ ගිහින් රස්සාවක් කරන ලොකු පුතා වෙච්ච මගෙ පඩිය ගැනත් මතක් කරගෙනම  බෑගිරි දිලම පිපිරිලා යන්න ඇති ..ඒ අවලාද හැමඑකක්ම අහගෙන මොනවත් නොකියා පන් මල්ලත් තුරුලු කරන් බිම බලාගෙන ගෙදර ඇවිල්ලා සදකැලුම් අයියා කොලබ බස් එකට නගින්න කලින් බත් මුල් ටික දිගන්න මහ පාන්දර ඉදන් මගෙ අම්මා බටෙන් පිබ පිබ ලිපත් එක්ක ඔට්ටු වෙන්න ඇති......



     ඇස්වහගෙන තිබුනු කන්නාඩිය ගැලවිලා අතට එනකොට නිදහස් ඇගිලිවලින් මන් පොඩිකලේ ඇස් කෙවෙනි දෙක....ඔෆිස් එකක් කියන්නෙ කියටවත් හොරකමක් වෙන්න පුළුවන් තැනක් නේවේ..හැමතැනම කැමරාස්.....එහෙම තියේද්දි සමහර අවස්තාවල හොරාට යටිමඩ ගැහිල්ලක් උනත් මන් හිතන්නෙ නෑ බත් එකක් හොරකම් කරන්න තරම් කන්න නැති මනුස්සයෙක් මේක ඇතුලෙ ඇති කියලා....විහිලුවට හරි එහෙම කලා කියලා හිතමු...ඒ උනත්..!..මන් කියන්නෙ ඒ උනත් මොන මනුස්සයද තව කෙනෙක්ගෙ බඩක් පුරවන බත් පතක් ඔහොම හොරකම් කරන්නේ.....විහිලුවට හරි එහෙම කරන්න පුළුවන් කවුද මෙතන ඉන්නේ....හොරකම් කරන්න හරි මන් බත් එකක් ගෙනාවා කියලා කවුද දැනන් ඉන්නේ..


~BO$$ BAB¥~(‍‍‍‍‍Zhanyi) Where stories live. Discover now