01 Chp📌️

2.6K 277 103
                                    

.
.
.

    ලෝකය හුගක් නිසලයි...ඒ වගේම හරි නිහඩයි.....මිනිස්සු එහෙම හිතනවා....සහ එහෙම දකින්න උත්සහා කරනවා....සසල බවත්...ඝෝශාකාරී බවත් දෑස් ඉස්සරහට මුන ගැහෙන තුරුම.....

..මොන මගුලක්ද මේ අයිසෙ ආහ්...උබලා එකෙක්ටවත් හරියට වැඩක් කරගන්න බැරිද....කතා කරපියවු තවත් මගෙ මූන දිහා බලන් ඉන්නෙ නැතුව...

..බ්..බොස්....

     සුදු පාට පසුබිමෙ කලු අකුරින් හැඩ වුනු කඩදාසි පිරුනු ෆයිල් එකක් ඉහටත් උඩින් විසි වෙලා යන්න ගියේ හරිම පොඩි මොහොතයි....ඝනකම් ෆයිල් එක සේවකයන්ගේ දෙපා මුලම ඇද වැටෙද්දි...ඒ කඩදාසි සීසිකඩ විසිවෙලා ගියත්....එක අඩියක් පිටිපස්සට අරන් හිස පාත් කරන් එතන රැදෙනවා මිස කාටවත්ම කරන්න කියලා දෙයක් තිබුනෙ නැති තරම්....වීදුරුවලින් වට උනු ආයතන ප්‍රධානීතුමාගේ කේන්තියෙන් පිරුනු කටහඩ...මේතාක් වෙලා නිසලව තිබුනු ආයතනයෙ නිහඩතාවය සුනුවිසුනු කරලා දාන්න ගත්තේ වැරැද්ද තමන්ගෙ කියලා හොඳින්ම දන්න සේවකයෝ බයෙන් දෑත් බැදගෙන.හිස් පහත් කරන්න ගන්නකොට.....

     එයාලා දන්නවා....හිතා මතා හෝ..අතපසුවීමකින් හෝ යම්කිසි වැරැද්දක් සිද්ද උනොත් ආයතන ප්‍රධානීතුමාගෙන් කිසිම ගැලවීමක් නැති වග....ඒ කේන්තියෙන් බේරෙන එකත් හිතන තරම් පහසු නොවන වග....

..එකෙක් නෑ...හරියට වැඩක් කරගන්න දන්න එකෙන් නෑ..උබලට ආයෙ මුල ඉදන් හැමදේම කියලා දෙන්න වෙලාද ආහ්...කතා කරපියවු...මේක ඔෆිස් එකක්ද නැත්නම් කෝලම් බඩුවක්ද.....වගකීමක් බාර දුන්නාම කරගන්න දන්න එකෙක් නෑ..උනුත් මේක අස්සෙ මගුල් නටන්න ගත්තාම අනිත් මිනුස්සු ගැන අහන්නත් දෙයක්ද.....

   ආයතන ප්‍රධානීතුමාගේ කෝපාන්විත හඩේ ගැබ්වෙලා තිබුනු උපහාසය නිසාම එයාට තනතුරක් පහලින් සේවය කරපු කීප දෙනෙක් හරියට මූන උස්සලා බලන්න බැරිව පහලට දෑස් හරවගත්තේ ඒ චෝදනාවෙ කිසිම වරදක් නැති වග හොඳින්ම දන්න නිසා...ඒ එක්කම ඔෆිස් එකේ කෙලවරක හිටගෙන දෑත් එකිනෙක ගුලි කරන් ශරීරයෙන් අඩක්ම කැපී පෙනෙන තරමට හිරට ඇදුම් ඇදන් මුලු මූනම වත්සුනුවලින් වහගෙන හිටිය පෞද්ගලික ලේකම්වරියත් යටි තොල හපාගෙන දෑස් බිමට යොමු කලේ මගුල් නටවයි කියපු.චෝදනාවෙ වැඩිම බර වැටෙන්නෙ තමන්ට වග සහසුද්දෙන්ම දැනන් හිටිය නිසා....

~BO$$ BAB¥~(‍‍‍‍‍Zhanyi) Donde viven las historias. Descúbrelo ahora