“ඇයි නැවැත්තුවේ…? ගහන්න… ගහලා මාව මරන්න” නදීෂ් කෑ ගැසුවේ නුරායා හටයි. ඔහුගේ දෙනෙත්වලින් මිදුණු කඳුළු බිඳුවක් කොපුල පුරා ගලාගෙන ගියේ ඒ සමඟමයි.

“කට වහනවා!! කට වහගන්නවා! මට තමුසේ කියන කිසිම දෙයක් අහන්න ඕනේ නෑ!! තමුසේ මාව විනාස කළා!!!” නුරායා තම දෙසවන් දෑතින්ම වසාගෙන කෑ ගැසූ අතර, නදීෂ්ගේ මුවින් එක්වරම පිටවූයේ සිහින් සිනාවකි.

“මම හිතුවා හරි… මම හිතුවා හරියටම හරි… ඔයත් එයාලා වගේම තමයි.. ඒත් මම හිතුවා… මම හිතුවා.. චුට්ටක් හරි ඔයා වෙනස් කියලා එයාලාගෙන්. එයාලා කාටවත් මං කියන දේ අහන්න ඕනේ වුණේ නෑ.. එයාලා කාටවත්ම කිසිම දවසක මං කියන දේ අහන්න ඕනේ වුණේ නෑ… රදීෂ්ට එයාලා කරදර කරද්දී… මම විතරයි එයා ළඟ හිටියේ.. දන්නවද ඒ වේදනාව කොච්චරක් ද කියලා…?” නදීෂ්ගේ හඬ අන්කවරදාකටවත් වඩා බිඳී ගොස් තිබුණි. ඔහු කතා කළ වචන පැහැදිලිව අසාගැනීමට පවා නුරායාට තරමක වෙහෙසක් ගන්නට සිදුවූවා.

නමුත් නුරායාගේ හදවත දවාලූයේ රදීෂ් ගැන පවසද්දීයි. ඉතිං තමා සිතුවා නිවැරදිය. කුමක් හෝ හේතුවක් නිසාවෙනි නදීෂ් පැමිණ ඇත්තේ. හරියට අන්නියන් චිත්‍රපටියේ අම්බිගේ වෛරය සහ වේදනාව බෙදාගැනීමට අන්නියන් පැමිණියා වාගේ. නමුත් නදීෂ් යනු තවත් විශ්වාස කළ හැකි අයෙක් නොවේ. සමහරවිට ඔහු සූදානම් වන්නේ තමාව රවටා තවත් මොනයම් හෝ කරදරයක් කිරීමට විය හැකිය.

එනිසයි නුරායා තම එක් අතක අත්වැසුමක් ගලවා දැමුවේ. ඇයගේ බැල්ම කෙලින්ම යොමුව තිබුණේ නදීෂ් වෙතටයි.

එක්වරම නදීෂ්ගේ අතක් තම නිරුවත් අතින් අල්ලාගත් නුරායා දෙනෙත් වසාගත්තේ නැතිනම් ඇයගේ දෙනෙත් හි පැහැය වෙනස් වීමෙන් නදීෂ් කලබලවිය හැකි බැවිනි.

“මේ.. මේ.. මොකද තමුසේ කරන්නේ රායා?” නදීෂ් කලබලයෙන් මෙන් විමසුවේ, නුරායාගේ අත තමාගෙන් ඉවත් කිරීමට උත්සාහ කරමිනි.

“කටවහගෙන.. ඔහොම ඉන්නවා නදීෂ්! හෙල්ලෙන්නේ නැතුව ඉන්න කිව්වාම..!” නදීෂ් නුරායාගේ පියවුණු දෙනෙත් දෙස ද ඒ සෙලවෙන දෙතොල් දෙස ද බලා සිටියේ දෙනෙත් අයාගෙනයි. ඉතිං දැන් දැන් ඈ වෙනුවෙන් හදවත ගැහෙන රිද්මය වෙනස් කර ගැනීමට නදීෂ් හට ද නොහැක. ඒ නිසාම වන්නට ඇති ඇයට තමා දුන් වේදනාව මෙතරම්ම ඔහුගේ හදවත පෙළන්නේ.. “මට තව ටිකක් ඉවසන්න තිබුණා රායා… අද තමුසෙට වඩා මමයි විඳවන්නේ මම තමුසෙට කරපු දේට..” නදීෂ් සිත පත්ලෙන් සිතුවේ නුරායා දෙසම බලාගෙනයි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now