"මේක අහගන්නවා.. තමුසේ... මොනා කරන්න හැදුවත්.. වැඩක් නැහැ... මම ආදරේ කරන්නේ නූර්ට විතරමයි!!! මගේ නූට විතරමයි... ආ..............හ්" නුරායාගේ හදවතට සතුටක් දැනුනේ ඒ වදන්වලටය. ඉතිං ඔහු කවදාවුවත් තමාට අවංකව හිඳ ඇත. නුරායා ඉතිරි මතකත් නැරඹූවේ හෝඩුවාවක් මේ අතර නම් ඇතැයි සිත කිව් නිසාය.

"අහකට යනවා..." නුරායා තිගැස්සුනේ ඒ හඬටයි. ඉතිං ඒ රදීෂ් නොවන බව හදුනා ගැනීමට ඇයට මහා වේලාවක් ගත නොවුනි.

"තමුසේ... තමුසේ..... මොනාද මේ කලේ ගෑණියේ?" එක්වරම සමාධිගේ උරහිස්වලින් අල්ලලා රදීෂ් ඇයව බිත්තිය දෙසට තල්ලු කලේ තරමක් වැනෙමින්මයි. ඒ තල්ලු කිරීම කොයිතරම් නම් තදින් සිදුවුණාද කිව්වොත් සමාධිගේ හිසත් තදින් බිත්තියේ වැදුනා. ඉතිං මෙතරම් දරුණුවන්නට රදීෂ්ට කෙලෙසකවත් නොහැක. විශ්වාසයි මේ නදීෂ් බව.

"තමුසේ... තමුසේ.. මේ රදීෂ්ව ද ඕයි මත් කරන්න හැදුවේ....????" ඉතිං හරිය. රදීෂ්ට කරදරයක් වූ බව දැනුන නිසායි නදීෂ් පැමිණ ඇත්තේ.

"අනේ..... රදීෂ්? තෝ වල් බැල්ලී..... තොගේ තියෙන වලත්තකමට යකෝ තෝ මේ රදීෂ් එක්කම නිදාගන්න ඇවිත් තියෙන්නේ පරට්ටි.. තෝ මොකක්ද ඒ කිව්වේ? තෝ අයිතිකරගන්නවා??? රදීෂ්ව? මේ කයිසර් ඇඩ්වටයිසින් එකේ අනාගත අයිතිකාරයාවම? තෝ වගේ පට්ට බැල්ලියෙක්ට නම් ඒක කරන්න මම ඉඩ තියන්නේ නැහැ යකෝ.... #$% ^&%$ #$%#%# %^$# #$%%$# ^%$^%#" නුරායා මතකයන්ගෙන් පිටතට පැමිණියේ වේගවත් හුස්මක් ද ගනිමිනි. එසේ නම් තමා හැර සමාධි ද එක්වරක් හෝ නදීෂ්ව හමුවී ඇත. ඒත් නුරායාට විශ්වාසයි සමාධි නදීෂ් පිළිබඳව නොදන්නා බව. එලෙස දන්නවා නම් ඈ ද මේ වනවිට අඩිහයක් පොළොව යට හුස්ම අහිමිව හිදිනු ඇත.

"එතකොට... ඌරි අක්කලාව මැරුවෙත්... දෙයියනේ.... නදීෂ් ඇයි ඔයා මෙහෙම කරන්නේ? ඇයි දෙයියනේ මේ මිනිස්සුන්ව මරලා දැම්මේ... මේ හැමෝම රදීෂ්ට ආදරේ කරපු අයනේ..." නුරායා හිසට අතක් තියාගත්තේ හිස ඇදුම්කන්නට වූ නිසාය.

"ඌරි අක්කා ගැන හෙව්වොත් සමහරවිට මේවට හේතුව හොයාගනන් පුළුවන් වෙයි... ඒත් මං කොහෙන්ද එයා ගැන හොයන්නේ? සාගර සර්ගෙන් අහන්නත් බෑ.. එයාත් එක වෙලාවකට නදීෂ් වගේනේ... ආ..! මධු අක්කා... එයා මෙහෙ ගොඩක් කල් වැඩ කළානේ.. සමහරවිට ඌරි අක්කා ගැන දන්නවා වෙන්න පුළුවන් එයා" නුරායා අවසන තීරණය කළේ මධුමිතාව කෙසේහෝ හමුවී මේ ගැන අසන්නටය. දැන් නම් දුරකතනයෙන් ඇමතීමත් බයානකය. මුළු නිවසටම කැමරා සවිකළ නදීෂ් හට තම දුරකතනයට හොරෙන් සවන්දීම එතරම් දෙයක් නොවේය.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now