නැවත වතාවක් සයනය වෙතට ගිය ඈ, තම නිරුවත් අත්ලට ටයිපටිය ගෙන, දෙනෙත් පියාගත්තා.

.

.

.

*පෙර දිනයක*

ඒ රාත්‍රියේ ඔහුත් නොමැතිව ඇය සිටියේ පුදුමාකාර භීතියකින් ඇලලි. විදුලි එලි දසතින්ම මුලු නිවස පුරාම තම ආධිපත්‍ය විහිදෙව්වේ ඇයව බියෙන් ත්‍රස්ත කරමින්. නුරායා මුලුතැන්ගේ වේදිකාව යටට වී ගුලි වී සිටියේ දෑස්වලින් එකදිගටම කඳුලු ගලද්දීයි. වසර ගණනාවකට පෙර ඒ බයානක, අවාසනාවන්ත රාත්‍රිය ඇයගේ මතකයට ගෙන ආවේ භීතියක්. මේ වගේ වැසි දවසක ඇයට කොහොමටවත් තනියම ඉන්නට නම් ඕනේ වුණේ නැහැ. නමුත් ඇයට ඉන්නට සිදුවී තියෙන්නෙම තනියමමයි.

එක්වරම ඇයව තවත් භීතියට පත්කරන ගමන්ම ඇසුනේ නිවසේ ප්‍රධාන දොරටුවට යම් කිසිවෙක් තට්ටු කරන හඬ සහ විදුලි සීනුව නාද කරන හඬ. හදවත බියෙන් ගැහෙද්දී ඇය තව තවත් ගුලිවුණේ මේ බියකරු වටපිටාවෙන් මිදෙන්නට පුලුවන් නම් කියලා හිතන ගමන්. ඒ වගේම තමයි ඇයගේ මතකයට පැමිණියේ එකම එක රුවක් පමණයි. ඒ ඔහුයි. මේ මොහොතේ ඇයට වුවමනා කර තිබුණේ ඔහුගේ තුරුළේ සැනසෙන්නටයි.

නමුත් දොරටුවට ගසන හඬ නොනැවතුනු නිසාවෙන් නුරායා අවසානයේ තමන්ගේ පාදයන්වලට පණ අරගෙන සෙමෙන් සෙමෙන් දොරටුව දෙසට ගියේ පණ බයේ ගැහෙන ගමන්.

"නූ.... මේ මම... දොර අරින්න.." දොරටුවට පිටතින් ඔහුගේ හඬ ඇහෙද්දී ඇයට දැනුනු සහනය වචනයෙන් විස්තර කරන්නට නොහැකි තරම්. මේ තරම් වෙලා ඔහු කතා කළත් වර්ෂාවේ හඬට ඔහුගේ කටහඬ බොඳවී ගොස් තිබුණා. නුරායා ඉක්මනින්ම දොරටුව විවර කලේ හඬන ගමන්මයි. ඔහු දොරටුවට පිටතින් සිටගෙන හිටියේ සිහින් හිනාවකුත් එක්කමයි. ඒ දෙතොල් අතර තිබුණේ සැනසීම පිරුණු හිනාවක්.

"බයවුණාද මගේ මැණික?" නුරායාගේ කොපුලකට අතක් තබන ගමන්ම ඔහු විමසුවේ නිවස තුළට ඇතුළු වෙන ගමන්මයි. ඔහු ඇඳගෙන හිටිය සුදුපාට කමිසය බාගෙට තෙමී තිබුණේ ඔහු මේ වර්ෂාවට තරමක් තෙමිලා කියලා අඟවන ගමන්.

"රදීෂ්....." රදීෂ්ගේ තුරුළට ඇය ගියේ අනවසරයෙන්මයි. ඇය ඔහුට තුරුළු වී ඉකිගසද්දී රදීෂ් ඇය වටා අතක් දමා ඈව තම ළයට තුරුළු කරගත්තේ ඒ නළලත මත සිපුමක් තවරන ගමන්මයි. "බයවෙන්න එපා රත්තරන්.. මම ආවානේ දැන්.." රදීෂ් පැවසුවේ ඇයවත් තුරුළු කරගෙනම නිවස තුලට යන ගමන් වුණත් විටින් විට කොටන විදිලි කෙටීම්වලට ඇය විටින් විට ගැස්සුනේ ඒ හදවත බියෙන් ගැහෙන හඬ රදීෂ්ටත් හොද හැටි ඇහෙද්දී.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now