"අයියා පොඩීට ඇහැරවන්න එපා කිව්වා.. රෑ වෙනකම්ම පාඩම් කළා කියලා.." ජනිත් අරවින්ද පැවසූව නැවත කියන්නට වූවා.

"හ්ම්ම්ම්... එයා හෙනට පාඩම් කරනවා තමයි. අයියත් එහෙනම් ඇහැරිලා ඉන්න ඇත්තේ.. එයා අපි පාඩම් කරන දවස් වලට විටින් විට ඇවිත් අපිට තේ , කෝපි හදලා දෙනවා" සේපාලිකා පැවසුවේ ජනිත් හට ඉදිරිපසින් වූ පුටුවෙහි අසුන්ගනිමිනි.

"ඔයා පාඩම් කළේ නෑ?"

"නෑ අයියේ එක්සෑම් ළංවෙලා රෑවෙලා පාඩම් කරන්න එපා කියලා අපේ ක්ලාස් එකේ සර් කිව්වා.. එතකොට එක්සෑම් එක වෙලාවටත් නිදිමත එන්න බලන නිසා. ඒ නිසා මම දැන් පුළුවන් තරම් දවල්ට පාඩම් කරන්නේ" ජනිත් හිස සැලුවා පමණි. එයත් ඇත්තය. නැතිනම් ඇයට පාඩම් කරන්නට බල කර අවසානයේ විභාගයේදී නිදාගත්තොත් තවත් එකකි.

"ඒක නෙවෙයි අයියේ..." සේපාලිකා පටන් ගත්තේ අලුත් කතාවකි. ඒ ඈ බොහෝ දිනක පටන් ඔහුගෙන් අසන්නට සිටී දෙයකි. නමුත් ඊයේ පන්සල් ගිය පසු එය ඇසීමට යැයි තව තවත් සිත පැවසූවා. ජනිත් දෙනෙත්වලින්ම සන් කළ බැවින් සේපාලිකා කතාව ආරම්භ කළා.

"ඔයා ක්‍රිස්තියන් ද?" ඈ විමසුවේ තම අතක් ද කසන ගමන් හොරැහින් ඔහු දෙස බලමිනි.

"මම? නෑ.. ඇයි?" ඔහු විමසුවේ විමතියෙනි.

"නෑ.. ඉතිං.. ඊයේ ගිහින් හරියට වැන්දෙත් නෑනේ... අනික නමෙත් දිමිත්‍රි කියලා කෑල්ලක් තියෙනවා" ඈ පැවසුවේ කටකාරියක විලසිනි. ජනිත් සිනාසුනේ ඊටයි.

"මං ඉතිං.. වැඩිය පන්සල් යන කෙනෙක් නෙවේ... ඔයා එක්ක නිසා ගියේ... ඒ ගියෙත් අවුරුදු ගාණකට පස්සේ..." ජනිත් පැවසුවේ ගාණකට නොගෙනයි.

"එතකොට.. දිමිත්‍රි කියලා කෑල්ලක් ඇයි නමේ තියෙන්නේ?" තවත් පැනයකි. සැබැවින්ම ඔහුගේ නම ඇයට සෑම විටම පැනයක් වූවා.

"හ්ම්ම්ම්... ඒක නම් ටිකක් පරණ කතාවක්" ජනිත් පැවසුවේ සුසුමක් හෙළමිනි.

"අනේ.... කමක් නෑ කියන්නකෝ... මට දැනගන්න ඕනේ...." ඈ හරිබරි ගැසී තම අසුනේ ඉදගත්තේ ඔහුගේ කතාව අසනන්ට වූ ආසාව නිසයි. එය රසවත් කතාවක් වන බව නම් ඇයට සැකයක් නොවූවා.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now