.
.
.
.
.

ක්ලාස් ට්‍රිප් , ගීත් අයියාලාගේ එක්සෑම් ඔක්කොම ඉවර වෙලා ආපහු පරන විදිහට වැඩ කරන් ගියා.. අභී අයියා එයාගේ ඩිග්‍රී එකත් එක්කයි ක්ලාස් එකයි එක්ක මාර බිසී වෙලා හිටියේ.. මාත් එක්සෑම් ලන් වෙන නිසා ශෙරූන් එක්ක පාඩම් වැඩ කර කර හිටියේ පහුගිය කාලෙම.. ශෙරූන් අභී අයියයි මන් ගැනයි දන්නවා.. එයා ක්ලාස් එකේදි කොයිම වෙලාවකවත් මාවවත් අයියාවත් අපහසුතාවයට පත් වෙන්න ඉඩ දුන්නේ නෑ.. එයා එයාගේ සර් විදිහට අභී අයියාට කලින් වගේම ගෞරව කරා.. ඇත්තටම ඒක ලොකු උදව්වක් වුනා මොකද නැතනම් ලමයින්ට නිකාටහරි සැක හිතුනොත් ප්‍රශ්නයක් වෙන නිසා..

ගෙදර පැත්තෙන් බැලුවොත් මම ගෙදර අයට කිව්වා අයියා එක්ක සම්බන්දයක් තියෙනවා කියලා..ලොකු අයියා වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ.. අභී අයියා කිව්වා වගේම එයා කැමතී නෑ එයාගේ වටේ ලගම අය එහෙම වෙනවට...එයා කියන්නේ එයා හේට් කරන්නේ නෑ බට් එයාට ඒ අය එක්ක ඉන්න හරිම අපහසුයි කියලා.. ඉතින් අභී අයියා අපේ ගෙදර එන එක අඩු කරා.. මුලදි එයා ආවා දෝනිව බලන්න ඒත් අයියා නිසයි මන් නිසයි එයා ගෙදර එන එක නැවැත්තුවා..

ගෙදර අයට සම්බන්දයක් තියෙනවා කිව්වට අපි දෙන්නා තාමත් ඔෆීශියලි බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා නෙවෙයි.. මම ඒකට දුක් වුනේවත් තරහ වුනේවත් නෑ මොකද ඇත්තටම අපි වටේ එහෙම නොවෙන්න සාධාරන හේතු ගොඩක් තිබ්බා..මට අයියට බල කරලා ඒ දේවල් කරන්න තරම් බොලද ආසාවක් තිබ්බේ නෑ..

පීක්!! පීක්!!

" ආකාශ් වරෙන්කෝ පරක්කු වෙනවා "

" ඉදපන් මේ එනෝ "

ශෙරූන් එක්ක පුරුදු විදිහටම ක්ලාස් ආවා.. අද අභී අයියා ස්ටාෆ් රූම් එකේ පේන්න හිටියේ නෑ.. මම ෆෝන් එක බැලුවා මැසේජ් එකකුත් නෑ.. මම කාඩ් එකත් මාක් කරන් ෆෝන් එකෙ ගත්තේ මැසේජ් එකක් දාන්න..

" ආකශ් පුතේ.. චුට්ටක් එන්නෙ "

අපේ ක්ලාස් එකේ සර් ඒ කියන්නේ ආයතන ප්‍රධානියා මට කතා කරා ස්ටාෆ් රූම් එකට..

" කියන්න සර්.. "

" පුතා... මම කෙලින්ම කාරණාවට එන්නම්... මට දැනගන්න පුලුවන්ද ඔයායි අභිරු සර් අතරෙ කොයි වගේ සම්බන්දයක්ද තියෙන්නේ කියලා "

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now