CHAPTER 17 🍻

4.1K 403 192
                                    

මට බෙහෙත් අරන් අපි කට්ටියම ආපහු ගෙදර ආවා.. කාර් එකේ පිටිපස්සේ එනකන්ම අභී අයියා මගේ උරහිසේ ඔලුව තියාගෙන ආවේ..අපි කාර් එකේ ගෙදරට එද්දි කාර් තුනක් වත්තේ තිබ්බා.. දෙකක් මම අදුන ගත්තත් අනිත් එක පුරුදු නැති නිසා මම වැඩිය ගනන් ගන්නේ නැතුව අභී අයියාවත් ඇහරවන් ගෙදරට ආවා..අපි තුන් දෙනා ගෙට යද්දි මම දැක්කේ කීයටවත් බලාපොරොත්තු නොවුන දෙයක්..

" ලොකු අයියේ... "

" පොඩි මෑන්ස් අම්බේ මේකගේ ලොකු දැන්.. "

" අයියේ..ඇයි ඔයා මට කතා කරේවත් නැත්තේ..මම හිතුවා මාත් එක්ක තරහින් කියලා.. "

" තරහයි තමා..මට ආරංචී දේවල් දෙක තුනක්ම මම අල්ලගන්නම්කෝ.. "

" ආහ් අයියේ.. මට අදුන්නලා දෙන්න දෙන්නෙක් ඉන්නවා..මේ ඉන්නේ.. "

මම කියන්න ආපු එක මගේ උගුරෙ හිර වුනේ අභී අයියා කදුලු පුරවගෙන මගේ අයියා දිහා බලාගෙන හිටපු විදිහට..

" ආහ් කෛලාශ.. ගොඩ කාලෙකින් "

" අයියා දන්නවාද අභී අයියව.. "

" ආහ් ඔයාලා කියන්නේ එයාය අභී කියලද.. අපේ සෙට් එක කතා කරේ කෛලාශ කියලා.. "

" ඔයාලා යාලුවොද "

" ම්ම්ම්.. යාලුවො කියලා හිතමුකො.. "

" ගෞර්ය මම යනවා.. මම ඔයාට පස්සේ කතා කරන්නම් "

අභී අයියා ගෙදරින් එලියට ගියා... මට උන දේ හිතාගන්න බැරි වුනා.. මම අභී අයියා පස්සෙන් එලියට ගියා...

" අභී අයියේ...අයියේ චුට්ටක් ඉන්නකො..අයියේ.. "

" ගෞර්ය ඇයි ඔයා මට කිව්වේ නැත්තේ මෞර්ය ඔයාගේ අයියා කියලා.. "

" ඔයා කොහොමද අපේ අයියව දන්නේ.. "

" අපි එකම ක්ලාස් එකට ගියේ..ඉස්කෝල දෙකක් වුනත් අපි හොදම යාලුවෝ විදිහට හිටියෙ.. "

" හිටියේ කිව්වේ... ඇයි දැන් නැද්ද.. ඔය දෙන්නා තරහයිද "

" ගෞර්ය.. ප්ලීස් මම ඔයාට පස්සේ කතා කරන්නම්.. මම මේ වෙලාවේ ඉන්නේ හොදින් නෙවෙයි... "

" අභී ඔයා ඔය විදිහට ගියාම මාත් හොදින් නෙවෙයිනේ.. මට කියලා යන්නකෝ මොකක්ද ප්‍රශ්නේ "

HEY, HANDSOME Where stories live. Discover now