උදේ 8ට තියෙන පන්තියට උදේ 6 ඉදන් ලෑස්ති වෙන මන් දිහා බලන් හිටපු අම්මටත් පුදුම හිතිලා..
" මහත්තයා කොල්ලට පන්තියේ කෙල්ලෙක්වත් සෙට් වෙලාද දන්නෙ නෑ "
" අම්මේ මම කැමති කොල්ලොන්ට !! "
" හරි හරි වැරදුනා.. "
" අප්පච්චි අම්මට කියන්නකෝ පාඩුවේ ඉන්න කියලා..පන්ති යන්න යන්න කියලා කෑගහලා දැන් යන්න හැදුවම වෙන විකාර කියනවා.. "
" ඔව් ඔව් නෝනා ඇති ඇති..කොල්ල උනන්දුවෙන් කරන දේට විහිලු නොකර ඉමු.."
" හූ ඇද්ද.. "
මම අම්මටත් ඇද කරන් කෑම මේසෙන් වාඩි වුනේ උදේට කන්න.. ශෙරූන්ටත් මැසේජ් දාලා වරෙන් වරෙන් ගගා කෑගහලා ඌ එනකන් මන් හොදට කෑවා..
7.45ට විතර ශෙරූනයා බයික් එකේ ආවට පස්සෙ මන් අම්මටයි තාත්තටයි වැදලා පන්ති යන්න ආවා..
ක්ලාස් එකට එද්දි ගානට 8යි..ඒ හැටි ලමයි නැති නිසා පන්තියේ සෙනග හිටියෙ නෑ..කොල්ලො 10කුයි කෙල්ලො 15ක් වගේ ඇති වැඩිම වුනොත්.. කොල්ලොන්ගේ පැත්තේ ඉස්සරහ පෝලිම් තුන හතරම හිස් වෙලා තියෙද්දි මට ඕනි වුනා ඉස්සරහෙන් වාඩි වෙන්න..මොකද සර්ව ලස්සනට ලගට බලාගන්න පුලුවන් නිසා..
" ඒ ශෙරූන් ඉස්සරහටම යමන් බන් "
" අනේ ඕයි බෑ බන්.. "
" මට බෝඩ් එක පේන්නේ නෑ හුත්තෝ "
" හරි හරි යමන් "
මම ශෙරූන්වත් ඇදගෙන ඉස්සරහ පෝලිමේ වාඩි වුනා..අනිත් කොල්ලො අපි දෙන්නට කින්ඩියට හිනා වෙද්දි මම පිටිපස්ස හැරිලා බැලුවා..
" ගොටු අල්ලන්න නෙවෙයි බන් පේන්නේ නෑ බෝඩ් එක "
මම පිටිපස්ස හැරිලා කිව්වම උන් බිම බලාගත්තා..යකූ ගෑනු පරාදයි මුන්නේ චීත්ත..
විනාඩි පහක් යද්දි සර් ආවා..කෙල්ලෝ හැමෝම දත් සෙට් එකම දාගෙන විරිත්තුවා..එයා මාරම ලස්සනයි..පට්ටම හොට් හැන්ඩ්සම් ලුක් එකක් තියෙන්නේ..
සර් ආවම ගෑනු ලමයි හෙන මුකුලුව..සර්ගෙ පර්ෆියුම් එක මොකක්ද අහනවා සර් කාලද ඉන්නේ අහනවා හෙන විකාර ගොඩයි..
YOU ARE READING
HEY, HANDSOME
Romance" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව " " මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා දැනටමත් " " ...... "