CHAPTER 12 🍻

4.6K 404 86
                                    

" මගෙ අලුත් ක්‍රශ් එක ඔයා ගෞර්ය "

" අභී.. "

" මන් දන්නවා ඔයාට කොල්ලෙක් ඉන්නවා.. ඒ වගේම අපි දෙන්නට කවදාවත් එක් වෙන්න බෑ කියලත්.. "

" අයියේ.. මට කියන්න දෙයක් තියෙනවා.. "

" ඔව් කියන්න "

" ඔයාට කලින් මම ඔයාට කැමැත්තෙන් හිටියේ.. "

" මොකක්..කවද්ද "

" මම ඔයාව දැක්ක දවසේ ඉදන්ම..ඒත් ඔයා මැරි කරන්න ඉන්නේ අනික ඔයා වෙන කෙනෙක් ගැන හිතනවා ඒ වගේ දේවල් නිසයි මම ඒ ගැන නොකියා අමතක කරලා යාලු වුනේ ගීත් අයියා එක්ක.. "

" ම්ම්ම්...මාත් ඔයාව දැක්ක දවසේ ඉදන් ඔයාගැන හිතුවා..ඒත් මට ගුරුවරයෙක් විදිහට ඔයා එක්ක යාලු වෙන්න බැරි නිසා මම ඔයා එක්ක අයියා කෙනෙක් විදිහට හිටියෙ..මොකද ඔයත් කිව්වනේ ඔයා කැමති කෙනෙක් ඉන්නවා කියලා..ඒත් ඔයා ගීත් එක්ක රූම් ගියපු දවස ගීත් එක්ක මාව හම්බෙන්න ආපු දවස ගීත් එක්ක ට්‍රිප් එක ගියපු දවස ඒ වගේම ඊයේ ගීත්ව තුරුල් කරන් හිටපු විදිහ ඒ දේවල් දැක්කම මට කියාගන්න බැරි කේන්තියක් දුකක් දැනෙන්න ගත්තා..මම එත්කොට තේරුම් ගත්තා මම ඔයාව මල්ලි කෙනෙක් විදිහට වඩා දකිනවා කියලා "

" ඇයි එහෙනම් මට අච්චර බැන්නේ "

" ඔයා ගීත් එක්ක සෙක්ස් කරන එකට මන් කැමති නෑ..මම දන්නවා ගීත් ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ඒත් මම කැමති නෑ...අද මගේ ලග හිටිය විදිහට එදා රුම් එකේ ඉන්නැති කියලා මතක් වෙද්දිත් මට පිස්සු වගේ ගෞර්ය.."

" එදා රූම් ගියෙත් ඔයා නිසයි මන්..මට ඔයාව දැක්කම පිස්සු හැදෙන්නෙ නැති ටික විතරයි..ඔයාව කිස් කරන එක එදා බීලා ඇදුම් ගලවන් නැගිටිද්දි මට තේරුනා මම කරන්නේ වැරදි වැඩක් කියලා.. ඒත් ඒ හැගීම් හිරකරන් ඉන්න බැරි නිසයි මම ගීත් අයියා එක්ක ගියේ..එදත් එයා එක්ක ඒ දේ කරාට ඔයාවයි මම හිතින් මවන් හිටියේ... "

" ගෞර්ය..ඇයි මට කිව්වේ නැත්තේ.. "

" මම ඔයාට කිව්වා ඔයාගේ තොල් දෙකත් මම කැමති කෙනාගේ වගේමයි කියලා.. ෆීලින්ග්ස් නැතුව සර් කෙනෙක්ව කිස් කරන ලමයෙක් වගේ පේනවද මාව "

HEY, HANDSOME Where stories live. Discover now