CHAPTER 6 🍻

4.9K 496 142
                                    

" ගෞර්ය ඔයාට ඕනිද මාව කිස් කරන්න "

" සර්.. "

" ඔයා මගේ තොල් දිහා බලන් ඉන්නවා..මට ඒක දැනෙනවා.. "

" සොරි සර්.. "

මම ටග්ගාලා නැගිටලා කාර් එකට ආවා.. ඔව් මට මාව කන්ට්‍රෝල් නෑ..ඒක එහෙම වෙන්න දෙන්න බෑ..මම පැසෙන්ජර් සීට්ස් එකෙන් වාඩි වෙලා බලන් හිටියා..

සර් ඇවිත් සීට් එකෙන් වාඩි වුනා..

" ගෞර්ය දිගටම ක්ලාස් එන්න ලමයෝ..ඒ වගේම මම කැමති ඔයා මට අයියා කියනවනම් "

" හ්ම්ම් "

" ඒ වගේම ඔයාගේ හැගීම් පිට කරන්න බය වෙන්න එපා.. මම දන්නවා ඔයාට මාව කිස් කරන්න ඕනි කියලා.. මටත් කාලයක් තිබ්බා ඔහොම වෙච්ච "

" ඔයා කොහොමද ඒ දේවල් අතෑර ගත්තේ "

" අතෑරියෙ නෑ අනේ මාත් හිතට දැනුන කෙනාව කිස් කරා.. හැගීම් දැනීම් නැත්නම් අපි මිනිස්සු නෙවෙයිනේ... "

" එහෙනම් අයියේහ් සොරි මම මෙහෙම කරනවට.. "

මම එහෙමම එයාගේ කොලර් එකෙන් එයාව ඇදලා මගේ පැත්තට ඇදලා අරන් තොල් දෙකට බර වුනා..එයාගේ අවසරය ලැබුනා කියලා හිතාගෙන මම පිස්සුවෙන් වගේ ඒ තොල් උරන්න ගත්තා..මට මාව චුට්ටක්වත් කන්ට්‍රෝල් නෑ..මට දැනෙනවා මගේ ඇගම පිච්චෙනවා වගේ..මම එයාගේ තොල් හයියෙන් හැපුවා..ඔව් ඒක ඒ තරම් පිස්සු වට්ටන හාදුවක්..

" ම්ම්ම් "

එයා කෙදිරුවා..මම ටග්ගාලා එයාගෙන් ඈත් වුනා..මට තේරුනා එයාට රිදුනා කියලා..

" සොරි සර් "

ඒත් එක්කම එයා මාව බෙල්ලෙන් ඇදලා එයාගේ ලගට අරන් මාව ආපස්සට උරන්න ගත්තා..මාව දියවෙලා යනවා වගේ මට දැනෙන්න ගත්තා..ඔව් එයාගේ හාදුව රලුයි..එයාගේ දිව මගේ කට ඇතුල පුරා යවලා මගේ දිව එයා උරන්න ගත්තා..ඒක නිකන් හාදුවක් නෙවෙයි රාගය පිරිච්ච හාදුවක්..මම ඒ හාදුවෙන්ම කෙදිරියක් පිට කරන ගමන් එයාගේ ශර්ට් එකේ බොත්තම් දෙක තුනක් කලවන්න ගත්තා..ඒත් එක්කම එයා මාව ඈත් කරා..

" ගෞර්ය එපා.. "

" ඇයි.. ඔයාටත් ඕනි වුනේ නැද්ද "

HEY, HANDSOME Where stories live. Discover now