CHAPTER 10 🍻

4.4K 448 70
                                    

ගීත් අයියලා එක්ක ට්‍රිප් එක ගිහින් එද්දි හවස වුනා.. ගොඩක් විනෝදෙන් හිටපු ට්‍රිප් එකක් ඒක..ගීත් අයියා කියන්නේ ගොඩක් ඕපන් මයින්ඩඩ් චිල් එකේ ඉන්න කෙනෙක් නිසා මම ගොඩක් නිදහසේ එයා එක්ක හිටියේ..

අනිත් පැත්තෙන් ගත්තොත් සර් එයා අර කෝල් එකෙන් පස්සේ මාත් එක්ක කතා කරේ නෑ.. මම මැසේජ් කරත් ඒවට රිප්ලයි කරේ නෑ කෝල්ස් ආන්ස්වර් කරේ නෑ..කොච්චරද සම්පූර්ණයෙන්ම කතා බහ නවත්තලා තිබ්බේ..

සතියක් පුරාවට එක දිගට මේ සිද්ධ වෙලා පංති දවස ආවාම මම පුරුදු විදිහටම ලෑස්ති වෙලා ශෙරූන් එක්ක ක්ලාස් ගියා..

සර් වෙනදා වගේම පන්තියට ආවත් මන් දිහා බලලා හිනා වුනේවත් නෑ..මම දිගටම එයා දිහා බලන් හිටියා..එක පාරට එයා මන් දිහා බැලුවා හැබැයි ඒ ඇස් වල තිබ්බේ කේන්තියක්..

" ගිය සතියෙ පන්ති ආපු නැති ලමයි නැගිටින්න.. "

මායි තව ලමයි දෙන්නෙකුයි නැගිට්ටා..

" ඇයි ආවේ නැත්තේ.. "

සර් තුන් දෙනාගෙන්ම අහද්දි අනිත් දෙන්නම අසනීප නිසා කියද්දි මම ගෙදරින් ගියපු ට්‍රිප් එකක් නිසා කියලා කිව්වා..

" ගිය සතියේ නෝට් එක ලිව්වද "

අනිත් දෙන්න ඔව් කියද්දි මට නෑ කියන්න සිද්ද වුනා..

" හරි ඔය දෙන්නා වාඩි වෙන්න.. ඔයා මොකක්ද නම ආකාශ් නේද..ඇයි නෝට් එක ලිව්වේ නැත්තේ..අසනීප හිටපු දෙන්නා ලියාගෙන එන්නත් ට්‍රිප් ගියපු එක්කෙනා ලියාගෙන නොඑන්නත් හේතුව මොකක්ද "

එයා වෙනස්..එයාගේ කටහඩ එයාගේ හිනාව එයාගේ කාරුණික බැල්ම මේ හැමදේම වෙනස්..මට විතරක් නෙවෙයි ඒක පන්තියේ හැම ලමයටම තේරුනා..

මම නිශ්ශබ්දව ඔලුව පාත් කරන් අහන් හිටියා මොනව වුනත් ඒ මගේ ගුරුවරයා නිසා..

" මෙහෙමයි ලමයි ඔයාලා හැමෝටමත් එක්ක කියන්නේ මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා..ඔයාලා හැමෝම එක්ක යාලුවෝ වගේ ඉන්නවා කියන එකෙන් ඔයාලට  වැඩ නොකර ඇවිත් මෙතන නිදහසේ ඉන්න පුලුවන් කියලා හිතන්න එපා..අනික ආකාශ් ඔයාට ඕනිඕනි වෙලාවට පන්ති නොආ ඉදලා එද්ද්දිවත් වැඩ කරන් එන්න බැරිනම් පන්තියට එන එක නවත්තන්න..ඔයාලා සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා ලමයි ඒලෙවල්ස් තියාගෙන..ආපහු මේ වගේ සිද්ද වෙන්නේ කාටද මම පන්තියෙන් අයින් කරනවා..මම අද පොදුවේ කිව්වේ හැමෝටම.. "

HEY, HANDSOME Where stories live. Discover now