CHAPTER 24 🍻

4.4K 368 97
                                    

" මොකක් !? "

" ඔව්.. මේ පාටි එක බොරුවක්.. ඔයාව ගෙන්න ගන්න මෞර්ය එක්ක මම ගහපු ප්ලෑන් එකක්.. "

" ඒ කිව්වේ ?? "

" ඒ කිව්වේ මෙහෙමයි.. එදා සිද්ධියෙන් පස්සේ ඒ කියන්නේ එපාර්ට්මන්ට් එකෙන් ඔයාව එලෙව්වට පස්සේ මම සෑහෙන්න කල්පනා කරා අපි දෙන්නා ගැන.. ඔයා ඒ කරපු දේට ඕනිවටත් වඩා මාව රිදුනත් මම ඔයාගෙ පැත්තෙන් හිතලා ඔයාව අතාරින්න හිටියෙ.. "

" මොන විකාර කතාවක්ද ඒ අභී !? මන් ගැන හිතලා මාව අතාරින්න ?? "

" ඔන්න පටන් ගත්තා මැන්දෙන් ඇඩ් දාන්න.. "

" ඉතින් ඇත්තනේ... "

" අහන්න ගෞර්ය.. ඔයා කරපු වැඩේ වැරදි.. ඒ මන් වෙනුවෙන් වුනත් නැතත්.. ඒ මොහොතෙ ඔයා කරපු දේ මට මගෙ අවුරුදු ගානක වේදනාත්මක මතකයක් ගෙනාවේ.. ඒත් වෙනසකට මම ඔයාව ඒ මොහොතෙත් මගේ හිතින්ම නිර්දෝශී කෙනෙක් කරා.. ඔයා ආදරේ කරා මට ඒක දැනුනා ඒ වගේම මම ඔයාට ආදරේ කරා.. ඉතින් මන් හිතුව ඔයා මගෙන් මොකක් හරි හන්ගනවා ඇති අනිවාරෙන් නැත්නම් එහෙම වෙන්නේ නෑනේ කියලා...

ඔහොම ඉන්නකොට ශෙරූන් විතරක් ක්ලාස් එද්දි මට සැක හිතුනා.. මොකද යාලුවානම් දෙන්නම නවතිනවනේ.. අනිත් එක ගීත් මල්ලි යන්න කලින් මට කතා කරලා කිව්වා රට යනවා ඔයාව බලාගන්න කියලා.. ඉතින් ඊට පස්සේ මට තේරුනා එෆෙයාර් එකක් තියනවනම් ගීත් මට කතා කරන්නේ නෑනේ කියලා..

ඉතින් මම ඔයාට හොරෙන් ඔයා ගැන හොයලා බැලුවා.. ඔයා අලුතින් ක්ලාස් යන තැන් ඔයා කාවද ආශ්‍රය කරන්නේ ඔයා ආපහු බිලා නාස්ති වෙනවද කියලා බැලුවා ඉතින්.. බැරිම තැන මෞර්ය එක්ක විස්තරේ කියලා ඔයා ගැන විස්තර අහන්නත් ගත්තා.. මෞර්ය කිව්වා ඔයා ගෙදරින් එලියටවත් බහින්නේ නෑ කියලා.. ඉතින් එහෙම වුනාම ඔයා මෙච්චරට හන්ගන රහස මොකක්ද කියලා මම හිතුවා.. "

" ඉතින් හොයා ගත්තද "

" ඔව්... ඔයා අපෙ ෆොටෝ එක ලීක් වෙලා මාව පන්තියෙන් අයින් කරයි කියලා බයට ඔයා ඔයාවම අහුකර ගත්තනේ.. "

" හ්ම්ම්.. මට සමාවෙන්න අභී... මට ඕනි වුනේ අපි දෙන්නා ගැන විතරක් නෙවෙයි පොදුවේ හැමෝම ගැන හිතන්න.. "

HEY, HANDSOME Where stories live. Discover now