" ගෞර්ය මගේ එන්ගෙජ්මන්ට් එක නැවැත්තුවා "
" මොකක් ?! "
" මම බ්‍රේකප් වුනා අක්කා එක්ක.. "
" ඇයි ඒ ? මම අහන්නේ ඔයා ලෑස්ති වුනානේ හැම දේටම "
" මම හිතන්නේ මම කැමති වෙන කෙනෙක් ඉන්නවා ගෞර්ය "
" ඒ කියන්නේ "
" ඔයා දන්නවා මගේ හිතෙ කොහොමත් නොලැබෙන කෙනෙක් ඉන්නවා..ඒ වගේම මගේ හිත තව කෙනෙක්ට ගිහින් තියෙන්නේ..එහෙම තියෙද්දි මට අක්කව බදින්න බෑ නේ "
" ඒක ඇත්ත ඒත්... "
" මට ඔයාට කියන්න ඕනි වුනේ ඒක නෙවෙයි.. මම ඔයාට බැනපු එකට සමාවෙන්න.. මම මේ ටිකේ ඉන්නේ හොද මානසිකත්වයක නෙවෙයි.. "
" කමක් නෑ සර්.. ඔයා බැනපු එක ඇතුලේ ඔයාගේ වැරද්දක් තිබ්බේ නෑනේ.. කොහොම වුනත් මම ඔයාට කියන්නේ හැගීමක් තියෙනවනම් කෙනෙක් ගැන එයාට කියලා බලන්න.. නැත්නම් ඔයා වයසට යනකන්ම ඔහොම ඉදී "
" හ්ම්ම්ම් ගෞර්ය මල්- "
" අපි යමු සර්..මට ක්ලාස් එකට යන්නත් ඕනිනේ.. "
" හරි පුතේ.. "
මම දන්නේ නෑ සර් ගැන..මට එයාව තේරුම් ගන්න අමාරුයි.. එයාව හම්බුන මුල් කාලේ එයා හිටියේ ක්‍රශ් එකක් තිබ්බත් ඩෝන්ට් කෙයා සීන් එකේ..එයා ඒක අමතක කරලා මැරි කරන්න හිටියේ..මම වුනත් එයා ගැන තිබ්බ ෆීලින්ග් අමාරුවෙන් අමතක කරන් හිටියේ ඒ නිසා..ඒත් එයා දැන් වෙන කෙනෙක්ට කැමති ලු..මට තේරෙන්නේ නෑ මට මේ වෙලාවෙ දැනෙන හැගීම..
මම එයාට සර් කියන එක එයා මට පුතා කියන එක මේ වචන දෙක හරිම බර වචන දෙකක් මට..මම එයාට අයියා කියද්දි එයා මට අයියා කියන්න එපා කිව්වා..ඒත් එයා මට පුතා කියන එකට මම ආස නෑ..
ආහ්හ්හ්හ් මට පිස්සු වගේ අප්පා සිරාවටම
අපි කාලා පන්තියට ආවා..මගේ ඔලුව පැටලිච්ච නූල් බෝලයක් වගේ.. එක එක දේවල් ඔලුව ඇතුලෙ.. තාමත් ඉකෝන් ක්ලාස් එන ලමයි මන් දිහා ඊයෙ සිද්දියෙන් පස්සේ අමුතු විදිහට බලනවා..ඒ අස්සේ මාත් එක්ක කතා නොකර ඉදලා එකපාරට ඇවිත් බ්‍රේකප් වුනා කිව්වා..වෙන කෙනෙක්ට ෆීලින්ග්ස් තියෙනවලු..මම දන්නේ නෑ මේවට රියැක්ට් කරන්න ඕනි කොයි විදිහටද කියලා..
YOU ARE READING
HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE )
Romance" පුතේ අපේ වයස ගැනම හිතන්න " " මට පුතේ කියන්න එපා " " හරි මල්ලි !! තේරුම් ගන්න කියන දේ " " මට බෑ.. මම දන්නේ මෙච්චරයි මට ඕනි ඔයාව " " මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා දැනටමත් " " ...... "