CHAPTER 7 🍻

4.8K 469 119
                                    

" 56 missed calls from අභිරු සර් "

මාව උඩ ගියා..මෙච්චර කෝල්ස් ගන්නේ ඇයි සර්..මම වට්සැප් ගියාට මැසේජුත් නෑ..මගේ හිතට බයක් ? වගේ දෙයක් දැනුනා..මම හැමදාම මොකක් හරි හොර වැඩක් කරද්දි සර් ගෙන් කෝල්ස් එනවා.. මම එහෙන්මම කෝල් බැක් කරා..

" හෙලෝ සර්.. මට කෝල් ගත්තද "

" ගෞර්ය තමුසෙ කොහෙද ඉන්නේ කියනවා "

" මම ගෙදර සර් "

" තමුසෙගේ ගෙදර .... හෝටලේද "

" සර්..සර් කොහොමද "

" වැඩක් නෑ ගෞර්ය.. මම ඔයාට හොද අයියා කෙනෙක් වෙන්න ට්‍රයි කරා..ඒත් ඒ දේ කරන්න බෑ..ඔයාගේ ගුරුවරයා විදිහට ඔයාට උගන්නන් මම පාඩුවේ ඉන්නම්.. ඔයාගේ පෞද්ගලික දේවල් මීට පස්සේ මම හොයන්නේ නෑ පුතේ..මම තියනවා.. "

" සර් ටිකක් ඉන්- "

සර් ෆෝන් එක කට් කරා..එයා කොහොමද දන්නෙ මම මේ හොටෙල් එකේ කියලා..එයා දන්නවා ඒකියන්නේ මම අද නැවතුනා කියලා රූම් එකේ..මුලු රෑම කෝල් අරන් තියෙන්නේ ඒකනේ..ඒත් කොහොමද ?

මම ගීත් අයියාව ඇහරවලා ගෙදර යන්න ඕනි කියලා වොශ් එකක් දාගෙන ආවා..ගෙදර එද්දි ගෙදර අය නැති නිසා මම සර්ට කෝල් එකක් ගත්තා..

" සර්..මට ඔයාව මීට් වෙන්න පුලුවන්ද "

" මට ලෙක්චර්ස් තියෙනවා දැන්... පැය දෙකකින් මන් එන්නම් ගේ ලගට.."

" හරි සර්.. "

මම මේ කරන්නේ මොනවද කරන්නේ කියන්නවත් මම දන්නේ නෑ.. මගේ ඔලුව පුපුරන්න තරම් කැක්කුමයි මේවා හිතලම..සර් ඇය දෙකකින් එනවා කිව්ව නිසා මම නාගෙන ඇදුමක් දාගෙන බලන් හිටියා..

පැය දෙකකට පස්සේ සර් කාර් එකේ ගේ ලගට එද්දි මන් කාර් එකට නැග්ගා..

" කොහෙද යන්න ඕනි ඔයාට "

" කොහෙහරි කමක් නෑ සර්.. "

" මගේ එපාට්මන්ට් එකට යන්ද "

" හා සර්.. "

සර් එක්ක එන ගමන පුරාවට කතා බහක් තිබ්බේ නෑ.. මම සර්ට මූන දෙන්න බැරුව එලිය බලාගෙන එද්දි සරුත් පාඩුවේ සද්ද නොකර ආවා..විනාඩි කිහිපයකට පස්සේ තට්ටු නිවාස සංකීර්ණයක බිම් මහලේ කාර් එක පාක් කරලා ලිෆ්ට් එකේ උඩට ගිහින් 7 වෙනි තට්ටුවෙ තිබ්බ එපාර්ට්මන්ට් එකට ගියා.. ලස්සන කොසී ලුක් එකක් තිබ්බ එපාර්ට්මන්ට් එක තරමක් ලොකුවට පිලිවෙලට තිබ්බා..

HEY, HANDSOME Where stories live. Discover now