CHAPTER 20 🍻

3.9K 355 37
                                    

" පැටියෝ මේ වැඩේ වැරදි.. ඔයා දන්නවා අභිරු අයියත් නොකිව්වට ඔයාට ආදරෙයි.. එයා මොනව හිතයිද මම ඔයාව කිස් කරනවා දැක්කොත් "

" ගීත් අයියේ එයා මන් ගැන මොනවා හිතුවත් මේ වෙලාවෙ එයා වෙනුවෙන් කරන්න පුලුවන් මේ දේ විතරයි.. අපි දෙන්නා කිස් කරා කියලා දැක්කම අභී අයියගෙයි මගෙයි ෆොටෝසුත් එඩිට් කියලා හරි ශේප් කරගන්න පුලුවන්. ඒ නිසයි මම ඔයාටත් ඒ ෆොටෝ එකේ විදිහට අදින්න කිව්වේ.. අනිත් එක සර්ලා ඔක්කොම මාව දකිද්දි අභී අයියට මාව ක්ලාස් එකෙන් අයින් කරන එකට විරුද්ධ වෙන්න බෑ.. "

" ඒත් මල්ලී මේකෙන් ඔයාලා දෙන්නා අතරට ප්‍රශ්නයක් එනවා තේරෙන්නේ නැද්ද.. අනිත් එක එයා ලොකු අයියා ගැන අමතක කරලා ඔයා වෙනුවෙන් හිත වෙන් කරන්න ගත්තා විතරයි..පව් නැද්ද එයා.. "

" එත්කොට ඔයා කියන්නේ සමලිංගික අසහනකාරයා කියලා එයාව ලමයි ඉස්සරහ පන්තියෙන් එලියට ඇදලා දානකන් බලන් ඉන්න කියලද.. මේ ලංකාව අයියේ.. ගුරුවරයෙක් ඊට පස්සේ ලමයෙක්ට අතවර කරා කියලා නිව්ස් වලත් යයි.. "

" අනේ මන්දා..දැන් අභී අයියා ඇහුවොත් මොකද කරන්නේ "

" ඔයා යන නිසා අන්‍තිම පාරට කිස් කරා කියලා ශේප් වෙන්න බලන්නම්.. "

" හ්ම්ම්ම් "

මම ගීත් අයියාගෙන් උදව්වක් විදිහට මාව කිස් කරන්න කිව්වා සර්ලා එද්දි.. මම gay කියන එක කොහොමත් හැමෝම දන්න එකනේ ඒත් අභී අයියව මේවට පටල ගන්න එකට මම කැමති නෑ..

ගීත් අයියත් අකමැත්තෙන් කැමති දුනා.. සර්ලා එන ටයිම් එක නිසා මම සිගරට් එකකුත් පත්තු කරන් ගීත් අයියා ලගම හිටියා..සර්ලා වංගුවෙන් එද්දි පේනවනේ.. ගීත් අයියා තාමත් කැමති නෑ මේක කරන්න.. ඒත් මගේ බල කිරීම නිසාමයි එයා මේක කරන්නේ..

" ගීත් අයියේ සර්ලා එනවා වගේ.. ලගට ඇවිල්ල දැකලා බනිනකන්ම කිස් කරන්න හරිද..බලන්න යන්න එපා දන්නෙ නැති විදිහට කෑගහනකන්ම ඉන්න "

මගේ අතේ සිගරට් එක පත්තු වෙද්දි ගීත් අයියා මාව ලගට අරන් කිස් කරන්න ගත්තා.. එයා නිකන් තොල් දෙක තියන් ඉන්නවා විතරයි.. ඒ නිසා මම මේක ඇත්ත විදිහට පේන්න එයාගේ තොල් දෙක උරන්න ගත්තා..

HEY, HANDSOME Where stories live. Discover now