CHAPTER 18 🍻

4.5K 385 122
                                    

" ඔව් පැටියෝ මම යනවා ලංකාවෙන්.. "

" අනේ ගීත් අයියේ.. ඇයි හදිස්සියේ.. "

" හදිස්සියක් නෙවෙයි පැටියෝ මම ගොඩක් කල් ඉදන් ප්ලෑන් කරලා තිබ්බේ..ඒලෙවල්ස් ඉවර වුන ගමන් මම යනවා.. "

" එතකොට මම තනිවෙනවානේ "

" එහෙම වෙන්නේ නෑ බය වෙන්න එපා.. අභී අයියා එයාගේ හැගීම් තේරුම් අරන් ලගින් ඉදී..අනික ලොකු අයියත් අක්කට බබා හම්බෙනකන් මෙහෙ ඉන්නවලුනේ.. ඉතින් ඒ නිසා ඔයා තනි වෙන්නේ නෑ.. අනික මම රට ගියා කියලා මොකෝ කතා බහ නවත්තන්නේ නෑනේ "

" අනේ ඒත්.. "

මට ඒ දේ දරාගන්න අමාරුයි.. ගීත් අයියා කියන කෙනාව තේරුම් ගන්න අමාරුයි.. ඒත් එයා මගේ ලග හිටියොත් මන් වගේම රිද්දගන්නවා කියලා මම දන්නවා.ඒත් එහෙමයි කියලා ආදරේ නැති තැන ආදරෙයි කියලා ලන් කරගෙන එයාට රිද්දන්න මට ඕනි නෑ.. මැනිකක් බව දැන දැනත් මම ඒකට පයින් ගහන්නේ මගේ හිත ගිහින් තියෙන්නේ බොරලු ගලකට නිසාමයි.. ඒ මැනික පරිස්සම් කරන්න පුලුවන් කෙනෙක් එයාට ලැබෙන්න ඕනි.. මම වගේ කෙනෙක් නෙවෙයි..

අපි දෙන්නා කතා කරලා සාලෙට යද්දි තාමත් අභී දෝනිව තුරුල් කරන්.. එයා දෝන්ගේ චූටි ඇගිලි අල්ල අල්ල ඉන්නවා.. මට ලෝභ හිතුනා අවංකවම..

මම එයා ලගින් වාඩි වුනා.. අක්කා ඇවිත් දෝනිව ගෙනිච්චා ඇදෙන් තියන්න.. ගීත් අයියා ලොකු අයියා එක්ක ගියා එලියට මොනවද ගේන්න කියලා..

" අභී අයියේ අපි රූම් එකට යන්ද ටිකක් කතා කරන්න "

" යමු ගෞර්ය "

මම එයාව එක්කන් කාමරේට ඇවිත් දොර වැහුවා..

" මොකද හිතෙන්නේ මේ වෙලාවේ ඔයාට "

" ම්ම්ම්ම්.. මට සතුටුයි "

" හේතුව "

" හේතුව මගේ පලවෙනි ආදරේ අද ලස්සනට ජීවත් වෙනවා.. මම ආස කරපු ඒ ඇස් දෙකම තියෙන පුංචි බෝනික්කෙකුත් ඉන්නවා.. තව ඒ ඇස්ම තියෙන ඒ දඟකමම තියෙන පුංචි පැංචෙකුත් එයි ලගදිම..ඉතින් එයා සතුටින් ඉන්නවා දැක්ක නිසා මමත් සතුටින් "

" ඔයා එයාට ඔයාගේ හැගීම් කියලා තියෙයිද "

" ම්ම්ම්.. මම එයාට කියලා තියෙනවා මට කොල්ලෙක් ගැන හැගීම් තියෙනවා කියලා..ඒත් එයා එවෙලෙ කෙලින්ම කිව්වා උඹ ඕනි එකෙක්ට ලව් කරපන් යාලුවෝ ගොඩ අස්සේ විකාර නටන්න තියාගන්න එපා කියලා..අනික ඒ වෙද්දිත් එයා අක්කා එක්ක යාලුවෙලා හිටියේ ගෞර්ය..ඉතින් මම තව එයාව අවුස්සලා විකාර නටන්නේ නැතුව දුරින් හිටියා තනියෙන් ආදරේ කරන් "

HEY, HANDSOME Where stories live. Discover now