" ඔයා තාමත් ආදරෙයි ද "

" මම අද වෙනකන් හිතුවේ මම එයාට ආදරෙයි කියලා.. ඒත් දැන් බලද්දි හිතෙනවා ඒක එහෙම නෑ කියලත් "

" ඒ කිව්වේ..  "

" එයාව දැකපු මුල මගේ හදවත වේගෙන් ගැහුනා.. එයා දැක්කම මට මාව පාලනේ නැතුව යන හැගිම් දැනුනා..ලැජ්ජ වෙවී හරි පස්සෙන් යන්න ඕනි කියලා හිතුනා...ඒත් ගෞර්ය දැන් එහෙම හැගීමක් මට නෑ.. දැන් හැගීම නිකන් ගොඩ කාලෙකින් දැකපු යාලුවෙක් වගේ.. ඒත් දුකක් ආවා මට අන් ගැනම දුක හිතිලා.. "

" එහෙම කියන්න එපා..ආදරේ කරන එක කොතනදිවත් වැරදි නෑනේ "

"   නෑ ගෞර්ය ඔයාට තේරෙයි මගේ වයසට ආවම..අම්ම අප්පච්චි බලන් ඉද්දි වයසට යද්දි වටේම ඉන්න යාලුවෝ බැදලා අම්මලා අප්පච්චිලා වෙද්දි මම තාම මම නැවතුන තැන ඉදන් බලන් ඉදලා මට නොලැබෙනවා කියලා දැන දැනම.. අවුරුද්දක් දෙකක් නෙවෙයි ගෞර්ය මම අවුරුදු 10ක් එයාට තනි හිතින් නොලැබෙනවා කියලා දැන දැනම ආදරෙ කරා"

" ඒත් ඔයාගේ තැන මම හිටියනම් මාත් ඒකම කරනවා "

" මම දැන් ආදරේට හරි බයයි ගෞර්ය.. ඔයාව මට ඕනි කියලා හිතුන තැන් අනන්තයි ඒත් මට බයයි මම දවසක ඔයාව එයාට කම්පෙයා කරලා ඔයාට රිද්දයි කියලා.. ඔයා තාම පොඩි මම වගේ වයසක කෙනෙක් නෙවෙයි ඔයාඅ හරියන්නේ.. අම්මා අප්පච්චි දුනත් ආස ඇත්තේ ඔයාට ගැලපෙන කෙනෙක් එක්ක ඉන්නවට මල්ලී.. ඉතින් එහෙම බලද්දි ගීත් තමා ඔයාට ගැලපෙනම කෙනා.. "

" මොනා කරන්නද අයියේ දුක තමා එයත් ඔන්න රට යනවලු.. ගීත් අයියා මගේ කොල්ලානම් නවත්තන්න තිබ්බා ඒත් එහෙම නැති නිසා කරන්න දෙයක් නෑ "

" ඇයි ඔය දෙන්නා බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා නෙවෙයිද "

" පිස්සුද අනේ...මෙහෙමයි යම්කිසි දෙයක් සිද්ද වුනා ඒත් අපි බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා වුනේ නෑ.. අපි දෙන්නා යාලුවො? එහෙමත් නැත්නම් සෝල්මේට්ස්ලා වගේ "

" එතකොට ඔයා ඇත්තටම ආදරේ කාටද "

" අනේ බන් අයියේ උගන්නන්න එපා ලමයින්ට..ඔය මොලේ දීපන් ලමයෙකුට..ඌ ගනී ඔයිට වඩා ප්‍රයෝජනයක් "

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now