ලමයි කාලා බස් එකට ගොඩ වෙද්දි මම නිදි විදිහට ශටර් එකට ඔලුව තියන් හිටියා..ශෙරූන් ආපු ගමන් ඔලුවට අත තියලා උණ බැලුවා..අනිත් ලමයිනුත් මට කොහොමද කිය කිය හොයලා බැලුවා..ඒත් මම බලන් හිටපු කෙනා නෙවෙයි එක වචනයක්වත් කිව්වේ..

පැය කීපයකට පස්සෙ අපි නුවරඑලියෙ ආවා.
සීතලට මට තවත් අමාරුයි..මම ජර්සි එකත් ඇදගෙනම ශෙරූන් එක්ක බස් එකෙන් බැස්සා.. අභී අයියා අපේ කොල්ලො සෙට් එකත් එක්ක ආවත් මන් දිහා බැලුවෙවත් නෑ..පපුවට දැනෙන බර වේදනාව එක්කම මම ඉවසන් හිටියා..

කොල්ලො ටිකනම් ග්‍රෙගරි වැව වටේ ඇවිදලා බෝට්ටු පැදලා කාලා බීලා බජව් දදා හිටියත් මම වැඩිපුරම හිටියේ බස් එකට වෙලා.. සීතල දරාගන්න අමාරු කමටයි ඇගට පන නැති කමයි නිසා මම සුපුන් සර්ට කියලා බස් එකට ආවා..

මම ශීට් එක අස්සේ ගුලිවෙලා බෑග් එකේ ගුලිවෙලා වෙව්ල වෙව්ල නිදාගත්තා..
.
.
.
.

" සර්.. "

පිටිපස්සේ සීට් එකෙන් බොන්ගො සද්දෙට මාව ගැස්සිලා ඇහැරෙද්දී මම දැක්කේ අභී අයියා කියලා..

" නැගිටින්න එපා නිදාගන්න..මම යනවා ආපහු..බොන්ගෝ එක ගන්න ආවේ.. "

" මන් ලගින් ටිකක් ඉන්න බැරිද අයියේ "

" ගෞර්ය මම කියලා තියෙනවා මට අයියේ කියන්න එපා.. "

" මෙතම ඉන්නේ අපි දෙන්නා විතරනේ.. "

" ඒ වුනාට කමක් නෑ.. "

" සර්... මම ඔයාට වැරැද්දක් කරාද "

" නැහැ "

" එහෙනම් ඇයි මේ "

" ගෞර්ය ලමයො අහන්න මම ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් නෙවෙයි මම කලිනුත් කිව්වා "

" එහෙනම් ඇයි මාත් එක්ක ඒක කරේ "

" ඔව් මාත් පසුතැවෙනවා..ඇයි මාත් ඒක කරේ කියලා තමා මටත් හිතා ගන්න බැරි "

" එහෙමද සර්.. හරි හරි ඒක හිතන්න එපා ඒක ඉවරයි.. සර් යන්න "

එයා නැගිටලා ගියා.. මාත් එක්ක ගත කරපු රෑ ගැන එයා පසුතැවෙනවලු.. මම තව මොනව කියන්නද එයා සම්පුර්ණයෙන්ම මාව ගොළු කරලා යද්දි.. මට කෑගගහ විලාප දිදී අඩන්න ඕනි වුනා..ඒත් මට අඩන්න තරම්වත් ශක්තියක් තිබ්බේ නෑ..

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now