" ඒකත් ඇත්ත... ඒත් මෙහෙම ඉන්න එක හොදයි නිදහස් "

" මොකක්ද මේ කියන්නේ..ඔයාට ඕනි නැද්ද රිලේශන්ශිප් එකකට යන්න "

" ඒත් ඔයා ගීත් එක්ක යාලුවෙලානේ ඉන්නේ.. අනික ලමයෝ ඒක කරන්න බෑ අපේ වයසම බලන්න "

" මම ගීත් අයියා එක්ක රිලේශන්ශිප් එකක නෑ.. අපි තාම ට්‍රයල් පීරියඩ් එකක ඉන්නෙ.. ඒ නිසා අපිට එෆෙයාර් එකක් පටන් ගන්න පුලුවන්.. "

" බෑ බෑ ඒක කරන්න බෑ... "

" ඇයි බැරි ඔයත් මට කැමතිනම් මාත් ඔයාට කැමති නම් ඇයි බැරි "

" පුතේ අපේ වයසම ගැන හිතන්න "

" මට පුතේ කියන්න එපා "

" හරි මල්ලි!!! තේරුම් ගන්න කියන එක "

" බෑ..මම දන්නේ මෙච්චරයි මට ඔයාව ඕනි "

" මම ආදරේ කරන කෙනෙක් දැනටමත් ඉන්නවා.. "

" .... "

" ඔයා ඒක ගැන දන්නවනේ ගෞර්ය "

" එතකොට ඔයා මට ආදරේ නැද්ද..නිකන් සෙක්ස් කරන මල්ලි කෙනෙක් වෙන්නද ඕනි මන් "

" එහෙම නෙවෙයි තේරුම් ගන්න..එයාව මට හම්බෙන්නෙ නෑ කියලා මම දන්නවා ඒත් මේ අවුරුදු ගානටම මට එයාව අමතක කරන්න බැරි වුනා..ඒ අස්සේ ඔයා එක්ක රිලේශන්ශිප් එකට ගියාම ඒකෙන් දුකක් වෙන්නෙත් ඔයාට "

" අයියේ..කමක් නෑ.. මම ඉවසන් ඉන්නම් "

" ගෞර්ය "

" හරි ඕනි නෑ එහෙනම්.. ගීත් අයියා එක්ක මන් ඉන්නම්.. සෙක්ස් වලට ඕනි වුනොත් අඩගහන්න.. ඔයාට ඒකනේ මගෙන් ඕනි "

මම නැගිටලා ඇදුම් ටික අහුල ගත්තා..කලිසමේ සාක්කුවේ තිබ්බ ලේන්සුවෙන් ඇග පිහිදලා ඇදුම් ටික අදින්න ගත්තා.. අභී අයියා ඔලුවොත් අත් දෙකෙන්ම අල්ලන් ඉදගෙන කල්පනා කරනවා..

" අභී මම එහෙනම් යනවා.. "

" දැන් රෑ වෙලා කොහෙ යන්නද "

" මට යන්න තැන් තියෙනවා.. ඕනි වුනාම අඩගහන්න අයියේ මම යනවා.. ආදරෙයි අභී "

මම කිසිම තරහක් නොපෙන්වා එයාගේ කම්මුලින් හාදුවකුත් තියාගෙනම එපාට්මන්ට් එකෙන් එන්න ආවා..ඒත් මට කලින් ඉස්සර වුන එයා මාව තද කරලා අල්ලා ගත්තා..

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now