CHAPTER 10 🍻

Mulai dari awal
                                    

මම ඇඩුවා..ඔව් මට ඇඩුනා..එයා පන්තියට කියන මුවාවෙන් ඒ හැමදේම මට කිව්වේ..මෙච්චර දවස් මම මහන්සි වුනා එයාට වුන පොරොන්දුව රැකලා වැඩ කරන්න..මේ දේ ඇරෙන්න මම හැම වැඩක්ම මේ වෙද්දි කරලා තිබ්බේ..මට දුකයි අයියා මට බැනපු එකට..මට දුකයි අයියා මට ආකාශ් කියපු එකට..මට දුකයි අයියා පන්තියක් ඉස්සරහ මට ඒ විදිහට සලකපු එකට..

" අඩෝ අඩන්න එපා බන් "

" නෑ නෑ බන් අඩන්නේ නෑ පිස්සුද "

කදුලු පිහිදාගෙන වාඩිවෙලා පාඩම අහන් හිටියට මගේ ඔලුවට කිසි දෙයක් ගියේ නෑ...ඒ අස්සේ උගන්නපුවගෙන් ප්‍රශ්න අහන්න ගත්තා..

" ආකාශ් නැගිටින්න.. ප්‍රධාන ආර්ථික පද්ධති කීයද ඒ මොනවද "

ශෙරූනයා ටග්ගලා ලග ඉදන් කුටු කුටු ගගා කිව්වට මට ඒ කිසි දෙයක් ඇහුනේ නෑ..මම දන්නේ නෑ කියන්න බිම බලාගත්තා..

" ලමයි ඔයාලගෙන් මම මේ ඇහුවේ සරලම ප්‍රශ්නයක් නෙවෙයිද කියන්නකෝ..පලවෙනි පාඩමේ ආර්ථික පද්ධති ගැන ඇහුවා ඒකවත් බෑ කියන්නේ ඔයාලා ඔයලගේ තත්වය හිතාගන්න..මම දන්නෙ නෑ ආකාශ් ඔයා ගැන ඔයා වැඩ කරන්න පුලුවන්න පන්තියට එන්න නැත්නම් ගෙදර නවතින්න..මොකද වැඩ නොකර මෙතනට ඇවිත් කාලය නාස්ති කරන එකයි අම්මා තාත්තගෙ සල්ලී නාස්ති වෙන එක විතරයිනේ වෙන්නේ.. "

මට දැනුනේ දුකක් එක්ක කේන්තියක්..එයාගෙන් ඒ වගේ ගතිගුන බලාපොරොත්තු නොවුන නිසා මට සෑහෙන්න දුක හිතුනා..ඒත් එයා පන්තිය ඉස්සරහ මාව මේ විදිහට ලැජ්ජා කරපු එකට මට දැනුනේ කේන්තියක්..ඇස් දෙකේ කදුලු අලුත් වෙද්දි අපිට ලැබුන ඉන්ටර්වල් එකේදී මම වොශ් රූම් එකට දුවලා ගියා..

මම ඇඩුවා සෑහෙන්න..පන්තියේ ගුරුවරයෙක්ගෙන් ගුටි කාලා එලියට දැම්මත් මෙච්චර දුකක් දැනිලා නෑ..ඒත් එයා මට ඒ විදිහට කතා කරයි කියලා මම හිතුවේ..එයාට ඕනි මම පන්ති එන එක නවත්තන්නද??

මම කදුලු පිහිදාගෙන එලියට ඇවිත් කන්නාඩිය බලද්දි ඇස් දෙක ඉදිමිලා රතු වෙලා..මම මූන හෝදගෙන පන්තියෙන් වාඩි වුනා..එයා මන් දිහා එක මොහොතක්වත් හැරිලා බැලුවේ නෑ..එයා වෙනුවට ගෑනු ලමයි මන් දිහා බලද්දි මම ගීත් අයියට මැසේජ් එකක් දැම්ම..

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Tempat cerita menjadi hidup. Temukan sekarang