" මම බොනවා..ඒත් ඔයා තාම පොඩි ලමයෙක් පුතේ "

" ආහ් මේක බොන්න "

මම මගේ තොල් වල තිබ්බ සිගරට් එක එයාගේ තොල් වලින් තිබ්බා...මම ඇයි ඒක කරේ කියන්න මම දන්නෙ නෑ...ඒත් එයාගේ තොල් දෙක දැක්කම මට ඒක කරන්න හිතුනා..මම එයාගේ තොල් දිහා බලන් හිටියා..එයා මගේ සිගරට් කොටේ අන්තිම පාරට උඩට ඇදලා බිම දාලා පාගලා ඒ දුම පහලට දානවත් එක්කම මම එයාගේ තොල් වලට බර වුනා..

මට තේරුනේ නෑ මම ඇයි එහෙම කරේ කියලවත්..ඒත් එයාගේ පිරුන තොල් ඕනිවටත් වඩා සරාගීව මට පෙනුනේ..මට ඒ තොල් උරන්න ඕනිමයි කියලා හිතුන මොහොතෙම අවසරයකින් තොරව මම ඒ තොල් වලට බර වුන නිසාමද කොහෙද එයා මාව තල්ලු කරලා මගේ කම්මුලට ගැහුවා..

මගේ ඇස් වලින් කදුලු ආවේ එයා ගහපු නිසාද මගේ හාදුව ප්‍රතික්ෂේප කරපු නිසාද කියන්න මම දන්නෙ නෑ.. ඒත් මම මටත් නොදැනිම කඩා වැටිච්ච කදුලු පිහිදාද්දි මම දැක්කා ඒ ඇස් ගැස්සෙනවා..

" ගෞර්ය මට- "

" සමාවෙන්න සර්..මට සමාවෙන්න "

" ලමයෝ.. "

" මම ගේ සර්..මට ඒක පාලනය කරගන්න බැරි වුනා..මට සමාවෙන්න.. මම යනවා.. "

" ගෞර්ය ඉන්න කිව්වම "

මම දැන් මොකක්ද කරන්න ඕනි කියලවත් මට තේරුනේ නෑ..මට ඒ මූන බලන්න බෑ..මම පිස්සෙක් වෙලාද මන්දා..එයා මගේ හදවතෙ හැම කොනක්ම අවුලනවා ඒ ඇස් දෙකෙන්..එච්චරයි මම දන්නේ..

" ගෞර්ය නගින්න කාර් එකට.. අපි ටිකක් කතා කරමු "

මම සර්ගෙ පස්සෙන් ඇවිත් එයාගේ කාර් එකට නැග්ගා..එයා කාර් එක ඩ්‍රයිව් කරන් ආවෙ බීච් එකට..කාර් එක පාරෙ අයිනෙන් පාක් කරලා එයා කාර් එකෙන් බැහලා වෙරලේ තිබ්බ ගලක් උඩ වාඩි වුනා..මමත් ඒ විදිහටම එයා පිටිපස්සෙන් ගිහින් වාඩි වුනා..

" ගෞර්ය..ඔයා ඉන්නේ ප්‍රශ්නෙකද "

" නෑ සර් මන් හොදින් "

" ඇයි ඊයේ බිව්වෙ ඔයා "

" සර් කොහොමද ඒක දන්නේ "

" කෝල් ලොග් එක බලන්නකෝ තේරෙයි එතකොට "

මම ටග්ගලා සාක්කුවෙන් ෆෝන් එක ඇදලා අරන් බැලුවා..ඒ කියන්නේ මම ඊයේ වෙරි වෙලා එයාගේ කෝල්ස් අන්තිමට ආන්ස්වර් කරලා..

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now