සර් කෙල්ලො ටික පාස් කරන් අපි දෙන්නා ලගට ආවා..

" පුතාලා දෙන්නගේ නම් මොනාද "

" මම ශෙරුන් සර්.. "

" මම ගෞර්ය සර්.. "

" වාව් කාලෙකින් සිංහල නමක් ඇහුවෙ..ලස්සන නමක්.. පුතාලා දෙන්නගේ ඉස්කෝලවල් මොනවද "

" දෙන්නම .... සර් "

" වාව් හොදයිනේ.. පුතාලා දෙන්නා දැන් පොතේ ඉඩ තියාගන්න..පාඩම පටන් අරන් කාලයක් වෙනවා ඒ වුනාට මම ඔයාලා දෙන්නට පැය පැය අරන් හරි කවර් කරලා දෙන්නම්..කෞෂි ඔයාගේ පොත දෙන්න පොඩ්ඩක් "

සර් අපේ එහාපැත්තේ ඉස්සරහ පෝලිමේ හිටපු කෙල්ලගේ පොත ඉල්ලගත්තා..

" මේ තමා පන්තියේ හොදටම වැඩ කරන ලමයා..එයාගේ පොතේ නෝට් එක ෆොටෝ අරගෙන ගෙදර ගිහින් නෝට් එක කම්ප්ලීට් කරගන්න.. "

අපි ඒ කෙල්ලගේ පොතෙන් බලලා පිටු තියාගෙන පොත ආපහු දුන්නා..

පාඩම පුරාම සර් හරිම පහැදිලිව පාඩම කියලා දුන්නා.. එයාගේ කටහඩත් හරිම පැහැදිලි බර ගැඹුරු කටහඩක් තිබ්බේ..හැබැයි අහන් ඉන්න ආස හිතෙනවා..ඒ මූනේ හිනාව ඒ කටහඩ ඒ ඇදුම් එයාගේ බොඩි ෆීචර්ස් එයාව ඕනිවටත් වඩා පර්ෆෙක්ට් විදිහට පේන්න ගත්තා..

හැම ලමයෙක්ම සර්ට ඕනිවටත් වඩා ආදරෙයි..පිටිපස්සේ කොල්ලො ටික සර් එක්ක පාඩම අස්සේ හම්බෙන විනාඩියෙත් මොනවදෝ කියවනවා..සරුත් උන් ලග ඩෙස් එකක් උඩින් යන්තමට වාඩි වෙලා කියවනවා..මට එහෙම දැක්කම දුකයි කේන්ති..ආහ් මටත් ඕනි සර් එක්ක ඒ වගේ ඉන්න..

ඉන්ටර්වල් එක දුන්නම ලමයි එලියට ගියා..සර් ක්ලාස් එක අයිනේ ෆෝන් එක ඔබනවා..ශෙරූන් එක්ක මමත් එලියට ආවා වොශ් රූම් එකට එහෙම යන්න.. ශෙරූනයා ඇතුලේ ඉන්නකන් මන් අපේ ක්ලාස් එකේ කොල්ලෙක්ව කතාවට අල්ල ගත්තා..

" ඒ බන් සර්ට වයස කීයද.. හෙන තරුනයිනේ බන්.. "

" ඔව් බන් සර්ට 27යි.. අපිට වඩා 10ක් වැඩිමල් බන්.. "

" ඒක තමා මම දැක්කම සප්‍රයිස් වුනා.. "

" හරි හොදයි බන් සර්.. අපේ අයියා වගේ අපි එක්ක පට්ට ෆිට් "

HEY, HANDSOME ( NONFIC | SINHALA BL | COMPLETE  )Where stories live. Discover now