කවුද යකෝ මෙහෙමත් කටේ තොලේ නොගෑවී අණඩර දෙන එකී?
මං කටත් ඇරෙගෙන ඒ කෙල්ලගෙ මූණ දිහා බලාගෙන හිටියා.

"උඹ ඔය මොනවද කියන්නෙ??
කතා පරපං!!!
ඔය මොනවද ආ???
උඹලට මේවා ආතල්ද???
ඔය උඹලගෙ එවුන්ගෙ විස්තර පාඩම් කරගත්ත හැටිද?
ගනින් බෑග් එක!
ඕක ඔළුව උඩ තියාගෙන දුවපිය වට දහයක් කැන්ටිම වටේ!!!"

කන් බීරි වෙලා යන්නම කෑගහපු රාස්සයා ඊලඟට බැලුවෙ මගෙ දිහා.
මාත් ඌ දිහාම බලාගෙන හිටියා.

"මොකද යකෝ???
තොටත් ඇයි ආතල්ද?
හරියට පුටුව ගහගනින් මොකාද වගේ බලාගෙන ඉන්නෙ නැතුව!!!"

ඉතින් මං අහක බලාගත්තා.
කොහොමත් ඌ දිහා බලාගෙන ඉන්න මොකෝ ඌ එංගලන්තෙ ඔටුන්න හිමි කුමාරයාද?

ඒ වුනාට ටිකකින් මගේ මූණට දාඩිය දාගෙන කකුල් දෙක වෙව්ලන්න වගේ පටන් ගත්තා.
මෙහෙම ඉන්න මාරම අමාරුයි.
ඕන මගුලක් කියලා දමලා ගහලා ගිහින් අල වෙනවා.
එහෙම හිතාගෙන මං කකුල බිම තියන්න හැදුවා විතරයි.

"වාඩිවෙයං!"

ඉතින් මං ලොකු හුස්මක් බිමට දාලා වාඩි වුනා.
හැබැයි ඊලඟ මොහොතෙම ආයෙත් නැගිටලා පුටුව ගහගන්න හිතුනෙ පැයකටත් වඩා අනලා අනලා චප්ප කරපු කෙල්ලෙකුගෙ බත් පිඟානක් මේසෙ පුරාවට යන්න ගනිද්දි.
දැන් ඕක කට්ටියම කාලා ඉවර කරන්න ඕනෙ.
ඒත් ඒක කනවට වඩා හොඳයි කැන්ටිමේ කුණු බක්කිය අරන් කටට හලාගන්නවා.
ඒ තරමටම ඒක සීතලයි!
චප්පයි!
අජූවයි!
කන්න බැරි නම් මොන මගුලකට අඩුවෙන් කියලා බෙදා නොගන්නවද මං දන්නෑ.

මගේ ලඟට පිඟාන ආවම මං කෑවෙ නෑ.
කනවා වගේ බොරුවට පෙන්නුවා විතරයි.
ඒ ගමන්ම රාස්සයා දිහත් හොරාට බැලුවා.
වෙලාවට ඌ හිටියෙ අහක බලාගෙන.

"ඒයි!
ඒයි!!
උඹ!!
උඹ බොරු නේද කලේ?
කාපිය හරියට!"

ඒ මම නෙමෙයි.
මට පස්සෙ හිටපු කෙල්ල!
මං ඒකි දිහා අනුකම්පාවෙන් බැලුවා.
ඔය දහජරාව නම් කන්න තියා හිතන්නවත් බෑ.
ඒකි කසාය ගිලිනවට වඩා අමාරුවෙන් බත් කටක් ගිලගත්තා.

"හරි!
දැන් පලයල්ලා!"

වෙලාවට කෑම පිඟාන ඊලඟ රවුම යන්න කලින් රාස්සයා ගෙරෙව්වා.
අනික් එවුන් ගැන දන්නෙ නෑ.
හැබැයි මම නම් නැගිට්ටෙ පුදුම සැනසීමකින්.

කඩතොළුOpowieści tętniące życiem. Odkryj je teraz