1

763 67 178
                                    

"නැගිටපං!!!!"

කැන්ටිමේ මේසෙ වටේට අපි වාඩි වෙලා හිටියෙ.
අපේ බැච් එකේ හත් දෙනයි.
එක සින්නයි.
ඒ සින්නා රාස්ස පාටයි.
මූණෙ හිනා පොදක් නෑ.
ඒ මදිවට ආපු වෙලාවේ ඉඳන් අහස කඩං වැටිලා වගේ හූ තියනවා හූ තියනවා ඉවරයක් නෑ.

"නැගිටලා මුගේ විස්තරේ කියපං!"

"මේ... මේ... නම... නම...."

කෙල්ලෙක් හෝ ගාලා මගේ දිහා බලාගෙන තටමනවා.
මං ඒකිව දන්නෙත් නෑ.
ඒකි මාව දන්නෙත් නෑ.

"නම...
උඹ දන්නැද්ද??? ආ!!!!
කතා කරපං!!!
උඹ මූව දන්නවද නැද්ද????"

".........................................."

"කන් දෙක අල්ලගෙන තනි කකුලෙන් හිට ගනින්!
දැන් උඹ!
කියපං මේකිගෙ විස්තරේ!!!"

"මං දන්නෑ!"

මං කෙලිම්ම කිව්වා.
සින්නා මගෙ දිහා බැලුවා.
රාස්ස ඇස්!
ඒත් ඉතින් මට ප්‍රශ්නයක් නෑ.
ඌ රාස්සයෙක් නම් මං පරාස්සයෙක්!

"ගහගනිං පුටුව!!!"

සින්නා කෑගහපු කෑගැහිල්ලට උගේ උගුර මැද්දෙ අර බෙල්ල වල දාගෙන පැද්දි පැද්දි ඉන්න එකාවත් මට පෙනුනා.
පුදුමයක් නෑ ඉතින් මේ සද්දෙට උගුරක් වුනත් මැරෙන්න තීරණේ කරන එක.
කොහොම වුනත් ඉතින් මං නැගිටලා ඌ කිව්ව හැටියට කලා.

ඒකා ඔය පුටුව කිව්වෙ මනෝ පුටුවට.
තනි කකුලෙන් හිටගෙන ඒ කකුලෙ දණහිස නවාගෙන අනිත් කකුල නවලා ඒ කකුල පිට දාගෙන කොන්ද කෙලින් තියාගෙන අත් දෙක ඉස්සරහට කරගෙන ඉන්න ඕනෙ.
හරියට මවාගත්ත පුටුවක් උඩ වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නවා වගේ.
වැඩේ තියෙන්නෙ ඉතින් කියන තරම් ලේසි නෑ ඕක කරන්න ගියාම.

"දැන් මුගේ විස්තරේ උඹ කියපං බලන්න!"

ඔන්න තවත් කෙල්ලෙකුට ඌ මාව පෙන්නුවා.
දෙයියනේ මං සිහින තරුවක් කියලා හිතාගෙනද දන්නෑ මූ හැම එකාගෙන්ම මගේ විස්තරේම අහන්නෙ!

"නම ඒ බී සී නරියා.
ආවෙ කොළඹ ඉඳන්.
අණ්ඩර කෑවෙ අග්‍ර උපස්ථායක අණ්ඩර කඩෙන්.
දෙවෙනි ලැජ්ජාව.
අම්මා අණ්ඩර දෙනවා.
තාත්තා රාජ්‍ය සේවය හූරගෙන කනවා......."

කඩතොළුWhere stories live. Discover now