කෝපය මැඩගත් නදීෂ්, තම වත නැවත වතාවක් සිනාවක් මවාගත්තේ අපහසුවෙනි. නමුත් refresh වතින් ඔහු ඇතුළු වූයේ රැස්වීම් ශාලාව වෙතයි.

"Hello Ladies and Gentlemen, it's pleasure to meet you. Hope we will have..."

තවත් වචනයක් හෝ පැවසුමට ප්‍රථම නදීෂ් අවධානය ලබා දුන්නේ රැස්වීම් ශාලාව පුරාම පැතිරෙන කසු කුසුව වෙයි.

"හයියෝ... රදීෂ් සර්.... බලන්නකෝ එයා රැස්වීමට ඇවිත් තියෙන විදිහ..."

"මට හිතාගන්න බැහැ රදීෂ් සර් මේ වගේ irresponsible වැඩක් කළා කියලා..."

"මෙහෙමද කම්පැණි එකක MD කෙනෙක් වැඩ කරන්නේ? අන්තිමයි"

"Disgusted!"

නදීෂ් කෝකටත් කියා බැලුවේ තමා ආසන්නයේම ඉදිරිපස ආසනයක අසුන්ගෙන සිටී අරවින්ද දෙසයි. ඔහු ද නොපහන් දෑස්වලින් නදීෂ් දෙස බලා තම ගෙල පිරිමැද්දේ දෑස්වලින් නදීෂ්ට ද සංඥා කරමිනි.

"I don't think Mister Radeesh your company is suitable for our project. We want someone who are more committed for the work. Not irresponsible people! I'm really disappointed about Kaizer. This is not what I have expected. I'm sorry but not sorry. Let's dismiss the meeting, cause I have seen enough."

(මම හිතන්නේ නෑ මිස්ටර් රදීෂ් ඔයාගේ කම්පැණි එක අපේ ප්‍රජෙක්ට් එකට ගැලපෙනවා කියලා. අපිට ඕනේ කැපවීමෙන් වැඩ කරන කෙනෙක්. එහෙම නැතුව වගකීමක් නැති මිනිස්සු නෙවෙයි! කයිසර් එක ගැන මට තියෙන්නේ කලකිරීමක්. මේක මම බලාපොරොත්තු වුණ දේ නෙවෙයි. මීටින් එක මෙතනින් නවත්තමු මොකද මම ඇති තරම් දේවල් දැක්කා)

එක්වරම තම අසුනින් නැගිටගත් තරුණියක් එලෙස පැවසුවේ රළු හඬිනි.

"හෂිනි... dear.. එහෙම කියන්න එපා.. ඔහොම කියන්න තරම් මොකක්ද දැන් මෙතන සිද්ධවුණේ? මම ආවා විතරයිනේ.." නදීෂ් යුවතියව රැස්වීම් ශාලාවේ කොනකට ඇදගෙන ගොස් ඇයට පමණක් ඇසෙන රහස් හඬකින් එලෙස මිමිණුවේ තම කඩවසම් ම සිනාව ඇයට තිළිණ කරමිනි.

"F-ck off Radeesh! You are disgusting jerk! How dare you do this to me? I thought you had something with me.."

(ඔයා කොහොමද මට මෙහෙම කළේ? මම හිතුවේ ඔයාගේ හිතේ මං ගැන දෙයක් තියෙනවා කියලා)

ඇය කෝපවත් හඬින් මිමිණුවේ දත්මිටි කමිනි.

"Of course we have something. Didn't you felt that spark?"

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now