<58>

61 7 10
                                    

කිව්වා වගේම ලොකූ ඒ වෙලාවෙම මීඩියා වලට කෝල් කරලා මීටින් එකක් තියන්න ලෑස්ති කරා මේ තරම් කාලයක් හන්ගන් හිටිය රහස අද රෑට හැමෝම දැන ගනී

අපි එයාලට ලොකේශන් එක විදිහට දුන්නේ කම්පැනි එකේ ඉන්ටවිව් රූම් එකක් උදේ ලොකූ කෑ ගහපු වීඩියෝ එකත් ගොඩක් අය බලලා තිබ්බ නිසා අද රෑට ලොකූ ලයිව් තියන මෙව්වා එක බලන්න ගොඩක් අය නොයිවසිල්ලෙන් හිටියේ

ඒ වෙලාව පටන් ගත්තා ලොකූ එද්දි මීඩියා වලින් ආපු අය ඒ තරම් පුදුම නොවුනත් තාරා අම්මා පස්සෙන් යන පැටව් ටික වගේ අපි ඔක්කොමත් වයස පිලිවලට ඉදගද්දි හැමොම්ස් සූස් සූස් ගාන්න ගත්තා මම හිතන්නෑ මේගොල්ලෝ සහෝදරයෝ කියලා කවුරුත් හිතන්න ඇති කියලා ජුලියන් මාස්ක් එකකුත් දාන් පැත්තකට වෙලා බලන් හිටියා බලන් ඉන්නැතුව එයා මෙතෙන්ට ඇවිල්ලා මම තමා JL කියන්නයැ

🦁 හරී ඔයාලට අහන දෙයක් අහන්න පුලුවන් ඒ වගේම මේක ලයිව් දෙන නිසා අනවශ්‍ය ප්‍ර්ශ්න ඇති කරන්න එපා

- මුලිම්ම අපිට දැනගන්න ඕනේ ඇයි ඕගොල්ලෝ ඔක්කොම මෙතන ඉන්නෙ කියල....මිස්ටර් ඩෙරික්

🦁 ඇයි....සහෝදරෝ එකට ඉදගන ඉන්න එක ඒ තරම් පුදුමයක්ද

ලොකූ කසු කුසුවක් තිබ්බා

- අද උදෑසන ඔබතුමා විශ්ව විද්‍යාල සිසුවියන් දෙන්නෙක්ට තර්ජනය කරා කියන්නේ ඇත්ත ද??
ඔබගේ ලාබාල පෙම්වතියට ඔවුන් බැන වැදුනු නිසා

හරිම බියුටිපුල් එතකොට ලොකූ මගේ සුගර් ඩැඩීද හනේ අම්මපා මෙහෙම ලයිව් එකක් තිබ්බෙ නැත්තම් මාව මගෙම අයියලට බන්දලා දීලා තමා මෙයාලා නවතින්නෙ

🦁 මේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙවෙයි ඔලීවියා ශෙරීන් මගෙ නංගි එතකොට මේ ඔක්කොම මගෙ සහෝදරයෝ එකම දෙමව්පියන්ගේ

- අපි කොහොමද විශ්වාස කරන්නේ

මීඩියාකාරයන්ට අපිටත් වඩා ප්‍රශ්න තිබ්බා උප්පැන්නේ පොඩි කාලේ ෆොටෝ වල ඉදන් ඩීඑන්ඒ ටෙස්ට් එකට යනකල් ලොකූ ලෑස්ති කරන් ආව නිසා අවුලක් උනේ නෑ අවසානේ හවස පහට පටන් ගත්ත මීටින් එක රෑ එකොලහට ඉවර උනේ මීඩියාකාරයන්ට අහන්න ප්‍රශ්න නැති කරලා

Rose Of Knights ✔️Where stories live. Discover now