<41>

65 8 1
                                    

ජුලියන් මාව එක්කගෙන අර පරණ ගෙදරට ආවා ඇදන් හිටිය සුදු පාට ඇදුම හොදටම තෙමිලා මදිවට මඩත් ගෑවිලා

🖤 ඔයාලා යන්න

ජුලියන් කිව්වම එයාගේ ගාඩ්ලා පිටිපස්ස හැරිලම එතනින් යන්න ගියා ඒත් මම හිතුවේ ජේඑල් එයාගේ ගාඩ්ලට දරුනු විදිහට කතා කරයි කියලා ඒත් එයා එහෙම නෑනේ

🌸 ඔයා ඔය මොකද කරන්නේ

මම එකපාර ගැස්සුනේ ජුලියන් ඇදන් හිටිය ඇදුමේ බොත්තම් ගලවනවා දැක්කම මේ පාලු ගෙදර ඉන්නෙත් අපි දෙන්නා විතරයි එයා මන් කියන මුකුත් ගනන් නොගෙන ශර්ට් එක සම්පූර්නයෙන්ම ගලවලා දාලා බිම තිබ්බ වෙස් මූන අරන් දා ගත්තා

🖤 කලින් දැකලා නෑ වගේ හැසිරෙන්න එපා.... ආ මේක ඇදගන්නවා

ජුලියන් ගෙදර බිත්තියේ එල්ලලා තිබ්බ එයාගේ කෝට් එකක් මට විසික් කරා නොකිව්වට මම සීතලේ වගේම ඇදුම තෙමිලා නිසා පොඩ්ඩක් අපහසුතාවෙන් හිටියෙ

🌸 මේක මාරු කරගන්නේ.....

🖤 විකාර කරන්න එපා මෙතන.... දැනට ඕක උඩින් දාගන්නවා

🌸 ඇයි අනෙ

🖤 මෙතන කොල්ලෝ විතරයි ඉන්නේ හැම රූම් එකකම කැමරා ඒ හින්දා ඇදුම් මාරු කරන්න දෙන්න බෑ පොඩ්ඩක් ඉවසලා ඉන්නවා තව ටිකකින් අපිව ගන්න වාහනයක් එයි

ජුලියන් මගෙ අතේ තිබ්බ කෝට් එක අරන් ඒක මගේ ඇග පේන්නෙ නැති වෙන්න ඇන්දුවා එයාට සීතල නැද්ද දන්නෑ උඩට මුකුත් නැතුව ඉන්න

🌸 ඔයාට උඩට ඇදුමක් නැද්ද....සීතලයිනේ

🖤 ම්හ්හ් මට අවුලක් නෑ අමතක උනාද මම JL

🌸 ඒත් මට ඔයා ජුලියන්

🖤 ඔයා ඒ දේවල් කිව්වේ ඇත්තටමද....ම්ම්

මගේ ඇගම හිරිවැටෙන විදිහට ම්ම්ම් කියලා එයා මගේ ඇස් වලට එබුනා කලින් උන දේවල් මතක් වෙලා කොහේවත් නැති ලැජ්ජාවක් දැනෙද්දි මම බිම බලා ගත්තා

🖤 මට උත්තරයක් ඕනි

ජුලියන් මගේ නිකටින් අල්ලලා මුන ඉස්සුවා කලින් කිව්වට දැන් ටිකක් ලැජ්ජයි වගේ

🌸 කෙල්ලෝ කලබල වෙලා ඉද්දි බොරු කියන්නෑ

🖤 හ්ම්ම්ම්ම්ම්

Rose Of Knights ✔️Where stories live. Discover now