<20>

86 8 6
                                    

ඉර එලිය මූනට එද්දි මම රෙක්ස්ගේ බඩේ (ඕකට බඩක් නෑ ලෑල්ලක් තියෙන්නේ) මූන ඔබාගෙන තව සනීපෙට නිදාගන්න ගියා ඒත් මේ සුවද රෙක්ස්ගේ නෙමේනේ ලොකූගේ සුවද....තාම ඊයේ රෑ ඇදන් හිටිය සූට් එක පිටින්

ඊයේ තිබ්බ ඇගේ අමාරුව ගොඩක් දුරට අඩු වෙලා තිබ්බ හින්දා මම හිමීට ඔලුව උස්සලා ලොකූ දිහා බැලුවා අත් දිග සුදු පාට ශර්ට් එකේ අත් දෙක වැලමිට ගාවට නමලා ටයි එක සෝෆා එකේ කොනක කෝට් එක මේසේ උඩ අත් දෙක සෝෆා එකේ දෙපැත්තට දාගෙන කන්නාඩි දෙකත් දාන් ශර්ට් එකේ බොත්තම් දෙකකුත් ගලවන් අයියා හොදටම නිදී මදුරුවෝ කාලද මන්දා කම්මුලේ රතු පාට ලප ලොකූට මදුරුවෝ ටිකක් සැරයි

මම හිමීට එයාගේ ඔඩොක්කුවෙන් ඔලුව අරගෙන අයියාගේ කන්නාඩි දෙක ගලවලා බිමින් තිබ්බා එයා නිදාගෙන ඉද්දි හරී අහින්සක පාටයි
මම හිමීට ෆෑන් එකත් දාලා එතනින් මාරු වෙන්න හදද්දිම...

🐯 උඩ පැන පැන කොහෙද යන්නේ....

🌸 මූන හෝදන් එන්නම්

🐯 හ්ම්ම් උණු වතුරෙන් හොදද

🌸 හරේ

🦁 පොඩ්ඩක් හොද උන පලියට උඩ පැන පැන යන්න එපා චූටි....ඔහොම්ම ඇදුමක් දා ගන්න බේත් ගන්න යමු

ආ....මෙන්න ලොකූ නැගිටලා මන් හිතුවේ එයා හොදටම නිදි කියලා මට අමතක උනා අපේ පරම්පාරාවම හොරට නිදාගන්න අය කියලා

🌸 බේත් ඕන්නෑ ලොකූ

🐯 ගුටි නොකා ගිහින් ලෑස්ති වෙලා එනවා

🌸 හා හා ඉතින් බනින්න එපා

වොශ් රූම් එකට ගිහිල්ලා උණු වතුරෙන් ඇග හෝදගෙන බේත් ගන්න යන්නත් එක්ක ඇදුමක් දාන් මම පහලට එද්දි එරික් අයියා උදේ හදලා ගිය කෑම ටික දිලිසි දිලිසි කෑම මේසෙ තියනවා

🦁 චූටි ඇවිල්ලා මේ සුප් එක බොන්නකෝ

🌸 හරේ...

🦁 දුවන්න එපා ලමයෝ...ආය අමාරු වෙයි

🌸 හී...

🐯 චූටි දැන් යන්න යුනිවසිටි එකක් එහෙම ටාගට් කරන්ද ඉන්නේ

ඔය ඇහුවේ ඉදලා ඉදලා නුවනක්කාර ප්‍රශ්නයක්... තව මාස තුනකින් එක්සෑම් කරලා රිසාල්ට් ආවම මම යන්න යුනිවසිටි එකක් තෝර ගන්න ඕන ගොඩක් අය තෝර ගන්නේ එයාලගෙ හීනෙට ගැලපෙන යුනිවසිටි එක තමා වැඩේ කියන්නේ මට මෙලෝ හීනයක් නැති එකනේ

Rose Of Knights ✔️Where stories live. Discover now