<16>

80 7 0
                                    

🌸 ජුලියන්න්න් මොනාද ඔයා කුස්සියේ එප්‍රන් එකක් ඇදන් කරන්නේ

🖤 මල් හිටෝනවා

පුහ් යකො ඒකෙ ගනන් උයනවා කියලා දැක දැකත් ඒක අහපු එක වැරදී තමා ඒ උනාට ඔහොම කියන එක හරි නෑනේ

🌸 මොන ජාතියේ මල්ද

මාත් ගේම අත අරින්නෙ නැතුව ඇහුවා

🖤 ඔයාගේ ඇස් පේන්නෙ නැද්ද ඇත්තටම නැත්තම් පෙනිලත් අහනවද

🌸 සාමාන්‍යෙන් මිනිස්සු එහෙම තමයි වැඩක් කර කර ඉද්දි ඒක දැක්කත් අහනවා

🖤 ඇස් ඉස්සරහ වෙන දේ නොදකින්න තරම් මිනිස්සු මෝඩද

🌸 මොකද අප්පා ගහගන්න වගේ කතා කරන්නේ

🖤 ඒ....ඕවා කන්න එපා මේසෙට...

🌸 කොහෙන් ගියත් බඩටනේ

ජුලියන් කෑම ටික භාජන වලට දාලා තියෙද්දි මම එතනින්ම අරන් කෑවා මේසෙට ඇරියයි මෙතන තියන් කෑවයි කියලා ලොකු වෙනසක් නෑනේ කොහොම කෑවත් යන්නේ බඩට
මට සුපුරුදු රැවිල්ලා දාලා එයත් එහෙම්ම කන්න ගත්තා මොනා උනත් දැන් ටිකෙන් ටික එයාටත් මගේ ගොං පුරුදු බෝ වෙනවද කොහෙද

🐻 දොර අරින්නෝ....මම ආවෝ

මල මගුලයි අයියා කකා හිටිය එක එහෙම්ම තියලා ජුලියන්ගේ පිගානත් උදුරලා අරන් ඒක සින්ක් එකට දාලා ඉක්මන්ට ජුලියන්ව මේසෙ යටට තල්ලු කරා කොල්ලත් කම්පියුස් ඒත් කරන්න දෙයක් නෑනේ

🌸 දොර ඇරලා තියෙන්නේ එන්නෝ

අතත් ඉක්මන්ට හෝදගෙන යුනිෆෝම් එකෙන්ම අත් දෙක පිහාගෙන මම ඉස්සරහට ගියා කලු හූඩිය ඇදන් මාස්ක් එකක් දාන් ස්නැක් ගොඩකුත් උස්සන් අයියා ඉන්නවා කෑම නම් එරික් අයියා එරික් අයියා නම් කෑම වගේ සීන් කෝන් එකක් තියනවා

🐻 තාම යුනිෆෝම් එක පිටින්ද මාරු කරගන්නවා ඕක දැම්ම

🌸 නාගද්දිම හෝදලා දානවා බොරුවට ඇදුම් දෙකක් අදින්න ඕන්නෑනේ

🐻 ඔයත් අනේ මන්දා

🌸 දැන් එකපාර මාව බලන්න ආවේ ඇයී

🐻 ඔයාට කන්න මොනාහරි හදලා දෙන්න කෙල්ලෙක් උනාට උයන්න දන්නේ නෑනේ ක්ශනික කෑම වැඩිය කන්න හොදනෑ

මාව අහකට කරගෙනම එරික් අයියා කුස්සිය පැත්තට ගියා ජෙයියනේ ජුලියන් මේසෙ යට උයපුවා මේසේ උඩ මේ පාර නම් අහු වෙයි වගෙ

🐻 ආ.....මේ කෑම කොහෙන්ද

🌸 අම්ම් මේ මම ඕඩර් කලා

🐻 වෙන්න බෑ....මේක දැන් ටිකකට කලින් ලිපෙන් බාපු එකක්

🌸  මේකනේ සුදූ...

🐻 යාලුවෝ එක්ක ගෙදර උයන් කෑවා කියලා මම මුකුත් කියන්නෑ ලමයෝ....අයියෝ කෑම බිමත් හලාගෙන

එයාම ප්‍රශ්නෙ අහලා එයාම උත්තර දීපු එකට එයා අයියෙක් නෙමේ දෙයියෙක් කියන්න හදද්දිම අයියා බිම තිබ්බ ලූනු කෑල්ල අහුලන්න නැමෙන්න ගියා මම ටාර් ගාලා ඉස්සරහට පැනලා එයාව නැවැත්තුවා

🌸 මම ඕක අස් කරගන්නම්....මම පිලිවලට ඉන්න හුරු වෙන්නත් ඕනනේ

🐻 ඒත් ලමයෝ

🌸 මම නා ගන්නත් ඕන ඔයා යන්නකෝ දැන්

🐻 ඔයා නාගන්නකල් මන් සාලෙන් ඉන්නම්

🌸 කොහෙත්ම බෑ

🐻 මේ කෙල්ලට මොකක් වෙලාද මන්දා....හරි හරි අනේ මම යන්නම්

එරික් මූන දෙක කරන් එලියට ගියා එයාව එහෙම යැව්වට වඩා මට දුක එයා මාව බලන්න ආව එකට ඒ හය දෙනාට හෙල්ලෙන්නවත් වෙලාවක් නෑ කියලා මම හොදටම දන්නවා එහෙම තියෙද්දිත් එයාලා මාව බලන්න වෙලාව කොහෙන් හොයා ගන්නවද මන්දා

🖤 ඒ ඔයාගේ අනික් බෝයිෆ්‍රෙන්ඩ් ද

🌸 අහ් ඔව් ඔව්

වෙලාවකට ජුලියන්ටත් මොකකින් හරි ගහලා සිහි නැති කරලා දාලා ෆ්ලිරෝ කැෆේ එක ඉස්සරහට ගිහින් දාන්න හිතෙනවා එයාට අනුව මට බෝයිෆ්‍රෙන්ඩ්ලා හතරක් ඉන්නවා දැනට ලොකූයි දෙවනියි තාම ආවේ නැති නිසා හොදයි දෙවනි එහෙම ආවා නම් එකපාරම හොයා ගන්නවා ලොකූ ආවා නම් මගෙ හැසිරීමෙන්ම හොයා ගන්නවා

🖤 ඔච්චර බෝයිෆ්‍රෙන්ඩ්ලා මොකටද

🌸 හ්ම්ම්ම් මගේ කම්මැලි ජීවිතේට කොල්ලෝ හතරක් හිටියත් මදි ජුලියන්

එයා ඇහුන්නෑ වගේ බිම තිබ්බ කෑම අස් කරලා දැම්මා එයා මහ අමුතු කොල්ලෙක් උයන්න ගෙවල් අස් කරන්න ගනන් හදන්න ඕන දෙයක් පුලුවන් මොනා හරි නැති උනොත් ක්ශනිකව ඒක හොයා ගන්නවා අට වෙද්දි නිදියනවා හය වෙද්දි නැගිටිනවා අනික එයා මගේ පෞද්ගලික දේවල් වලට ඇගිලි ගහන්නෙ නෑ අඩුම මගේ කාමරේ ගාවටවත් එන්නෑ

🌸 ම්ම්ම් මේ හෙට මම ගෙදර එන්න පරක්කු වෙයි

🖤 හ්ම්ම්

Rose Of Knights ✔️Where stories live. Discover now