<15>

72 8 0
                                    

අර බූරු වහන්සේව ගෙදරට අරන් දැන් සතියක් විතර වෙනවා එයාගෙ තුවාල හොද උනත් යන්න එන්න තැනක් නොදන්න නිසා මා එක්ක ඉන්නේ මේ ටිකේ අයියලාට මම නොකිව්ව බොරුවක් නෑ

🌻 එමී මොනාද කල්පනා කරන්නේ

🌸 අහ්....නෑ නැ මේ නිකම්

🌼 නේහා කිව්ව ඒවා ගැන නම් කල්පනා කරන්නේ ඒවා ගනන් ගන්න එපා

අලි මදිවට ගෝන්නුස්සෝ කියලා නේහාගේ කරදරත් මගේ ඔලුවට ආවා නේහාට එදා ෆෝන් එකේ කේස් එකේ ඉදන් මා එක්ක මොකක් හරි අවුලක් තියනවා එයා මා ගැන ඇහැ ගහගෙන ඉදලා දැන් ඉස්කෝලේ පුරා කියනවා මම දවසින් දවස එක එක කොල්ලො ගෙදර ගෙන්න ගන්නවලු ඒ මගේ අයියලා දෙයියනේ

🌸 නෑ යූරා මම කල්පනා කරේ අද කැන්ටිමේ කෑම වලට ලුනු ටිකක් වැඩී වගේ

🌼 හ්ම්ම් පොඩි එහෙම ගතියක් තියනවා තමා

🌻 හේයි ලබන සතියේ විකීගේ කොන්සට් එකක් තියනවා....මොකද කියන්නෙ යමුද

🌼 ඔයත් එයාගේ ෆෑන් කෙනෙක්නේ තුන් දෙනාම යමුකෝ

🌸 අ..... මේකයි

🐛 විකීගේ කොන්සට් වලට ඔයාලා යන්න???
එයාගේ කොන්සට් එකක ටිකට් එකක් ගන්න එක කොයි තරම් අමාරුද

🌻 අපි කොහෙන් හරි ටිකක් හොයාගන්නම්කො

🐛 හහ් ඔයාලට ඒවා හීන

විකීගේ කොන්සට් ගැන කිව්වොත් මම ඉපදුනා දා ඉදන්ම එව්වා බලලා තියනවා කොස්සක් අරන් කොට කලිසම පිටින් ගේ මැද්දේ හූ කියලා දෙවනිගෙන් පස්ස රත්වෙන්න කාපු මගේ නයිටිංගේල් අයියා ගැනනේ මේ මේ ගොල්ලො කියවන්නේ මොනා උනත් මගේ යාලුවෝ දෙන්නා නේහා නිසා ලැජ්ජා වෙනවා මට බලන් ඉන්න බෑනේ

🌸 අපි තුන් දෙනාම ෆස්ට් ක්ලාස් ටිකට් තුනක් ගත්තොත් ඔයා මොකද කියන්නේ නේහා

🐌 අනාත කෙල්ලෙක්ට එයාගේ කොන්සට් ටිකට්ස් ගන්න පුලුවන් වෙයිද??? හහ් අනික ෆස්ට් ක්ලාස්

🐛 මෙයාගෙත් කියවිල්ල විතරයි රෝස් තමුන් දන්නවද මගේ අයියා ඔලීවියා ගෲප් එකේ CEO ගේ හොදම යාලුවා

🌸 ඉතින්

🐛 බලාගමු කව්ද ෆස්ට් ක්ලාස් සීට් වල ඉන්නෙ කියලා

Rose Of Knights ✔️Where stories live. Discover now