"ඒක නෙවේ අක්කේ.. ඔයා දන්නවද ඉස්කෝලේ යන කාලේ අපේ අයියාගේ කෙල්ල ගැන?" එක්වරම සේපාලිකා එලෙස විමසුවෙන් නිරාශාගේ දෙනෙත් විසල් විය.

"ඉස්.. කෝලේ... යන කාලේ?" ඈ එයම ප්‍රතිරාවය කළේ සේපාලිකා දෙසම බලාගෙනයි.

"හයියෝ... අයියේ... තමුසේ කිව්වේ නැද්ද අක්කට ඒ කෙල්ල ගැන?" සේපාලිකා විමසුවේ සිනාසෙමිනි. ඒ, ඒ පෙම් පලහිලව්ව ඒ තරමටම සිනා උපදවූ බැවිනි... නමුත් සිත රිදවා ගත්තේ නිරාශායි. ඈ අරවින්ද දෙස බැලුවත් ඔහුත් සිටියේ සිනාව පාලනය කරගැනීමට අපහසු උත්සාහය යෙදෙමිනි.

"අනේ මේ ලොකූ.. ඒවා ඕන්නෑ ඕයි..."

"කියන්න කියන්න අයියේ.. අක්කාත් මේවා දැනගන්න ඕනේ..." මෙවර අරලියාත් ඔහුට ඇවටිලි කරන්නට විය.

"කියන්න ඉතිං..." අරවින්ද හැඳ සිටී ටීෂර්ටයෙ කොනක් තම අතින් ගුලි කරගෙන ඈ විමසුවේ හැඬීමට ඔන්න මෙන්නවයි.

"හරි හරි කියන්නම්.. ඒ වුණාට ඔන්න හිනාවෙන්න බෑ හරිද?" අරවින්ද පැවසූවෙන් නිරාශා හිස සැලුවේ කීකරුවය. ජනිත් නම් මේ පුංචි පවුල දෙස බලා සිටියේ සිත යටින් සතුටිනි..

"ඔන්න ඉස්කෝලේ යන කාලේ.. ඒලෙවෙල් කරද්දී.. ඒ කාලේ ඉතිං.. අ..." අරවින්ද හෙමින් සීරුවේ නිරාශා වෙතට දෙනෙත් හැරවූවේ ඉතිරිය පවසන්නේ කෙසේදැයි සිතමින. ඔහුගේ ඒ පැනය විසදුවේ සේපාලිකා විසිනි.

"ඒ කාලේ ඉතිං මේ මෝඩයා යාළුවෙලා හිටියේ ඉස්කෝලේ ලොකුම නැට්ටිච්චි එක්ක. මොළයක් කියලා නාමයක් නෑනේ..."

"අනේ මේ.. කටවහන් ඉන්නවා.. කොහොමහරි ඉතිං ඒ කාලේ එපා වුණා... මුන් රණ්ඩු කරනවනේ.." අරවින්ද නැවත වතාවක් පැවසුවෙන් මෙවර පැනයක් නැගුණේ ජනිත් හටයි.

"මුන් කිව්වේ?"

"ඔය ඉන්න ගොං ගහ තමයි..." අරවින්ද දෑස්වලින් ම පෙන්වූයේ සේපාලිකාවයි.

"අනේ මේ අයියේ.. එයා තමයි රණ්ඩුවට ආවේ හරිද? මෙන්න මේකයි වුණේ.. කවුද ඒ කෙල්ලගේ නම? සචිනි.. ආ.. සචිනි හෙනම...--- සචිනි අක්කා ලොකූ.. තමුසෙට වඩා වැඩිමල්නේ" අරවින්දගෙන් නැවත බාධාවකි. "ඉතිං දැන් එහෙම ගෞරව කරන්න තමුසෙගේ කෙල්ල නෙවේනේ.." සේපාලිකාගේ වදන් සත්‍යයක් බව නිරාශා හටත් සිතුනෙන් ඇය ඉබේටම බැලුවේ අරවින්ද දෙසයි. අරවින්දත් නිරාශා දෙස බැලූ නිසා ඈ වෙනතක් බලාගත්තා.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now