"කොහෙවත් ඉන්න බැ-ලියොන්ට උත්තර දෙන්න නෙවේ මම මෙතන ඉන්නේ! තෝව එලවන්න! බැ-ලි!" ගිනි ගන්නවාක් මෙන් රතුව තිබූ ඒ තර්ජනාත්මක නෙත් නුරායා දෙසම බලාගෙන දත් මිටි කමින් එලෙස කෑ ගෑවේ ඇයවත් කෝපයට පත් කරමිනි. නමුත් කෝපයටම කඳුළු තවත් වේගවත් ව ඇත.

"තමුසේ මොනා කිව්වත් මම යන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්නවා!!!" නුරායා නිවසම දෙදෙරවමින් කෑ ගැසුවේ නදීෂ් නම් සිනාසෙද්දීයි. ඔහු සිනාසෙමින්ම ඇයව අතහැර යන්නට ගියේ, නුරායා හඬමින්ම බිත්තිය දිගේ බිමට රූටද්දී.

"ඇයි අනේ මෙහෙම වුණේ... අනේ රදීෂ්... මට ඔයා නැතුව මෙහෙම ඉන්න බැහැ.. තවත් මට මේ මිනිහා එක්ක මෙහෙම රණ්ඩු කරන්න ශක්තියක් නැහැ... අනේ එන්නකෝ..." ඉකි ගසමින්ම ඈ මිමිණුවේ ඔහුටයි.

"හැමදේම වෙනස්වෙලා රදීෂ්... ඔයා මට ආදරෙන් කතා කරපු කටින්ම ඒ මිනිහා මට කතා කරන විදිහ මට දරන්න අමාරුයි මැණික.. අනේ එන්නකො... මට බැහැ තවත් මේක ඉවසන්න... මට බයයි... මට බයයි මේ දේවල් කාටවත් කියන්න..  එයාලා ඔයාව පිස්සන් කොටුවට එක්කගෙන යයි එහෙම වුණොත්... මම කොහොමද එහෙම වෙන්න දෙන්නේ... මේ ලෙඩේට බෙහෙතුත් නැත්නම්... අනේ... එන්නකෝ... මට ඔයාව ගොඩක් මතක්වෙනවා දීෂ්... ආයේ මට ආදරෙන් කතා කරන්නකෝ..."

නුරායා හඬමින්ම එලෙස මුමුණ ගනිද්දී ඇයට ආවර්ජනය වූයේ ඔවුන් ආදරය කරන්නට පටන්ගත් මුල්ම කාලෙක, එක් ආදර දිනෙක රදීෂ් ඇයට කෙතරම් නම් ආදර වදන්ගෙන් ඇමතුවා ද යන්නයි.

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

"සුදු මැණිකේ කියලා ද අම්මා කතා කලේ, නැත්නම් දෝණි කියලා ද?" රදීශ් එහෙම ඇහුවේ ඇය දිහා බලලා . ඒ සුළඟට ලෙල දෙන ඇයගේ මුදු හිසකෙස් ඇයගේ ඒ රුව තවත් හැඩ කලා කියලයි ඔහුට හිතුනේ.

ඒ දෑස් ඔහු වෙතට යොමුවුණේ ඒ ප්‍රශ්නය නිසා.

"ඇයි එහෙම අහන්නේ?" ඒ දෑස්වල තිබුණේ වටහාගැනීමට අපහසු වුණ හැඟීම් ගොන්නක්.

"නිකං.. මට හිතුනා. ගොඩක් ගෑනු ලමයිට එහෙම හුරතල් නම් තියෙනවානේ. ඌරීටත් තාත්තා කතා කලේ දෝණි කියලා.. ඉතින් ඔයාට මොනා කියලාද කතා කලේ මගේ නූර්?" රදීෂ් අත් වැටට පිට හේත්තු කරලා එයට සම්පූර්ණ බරදෙන ගමන් එහෙම අහද්දී , නුරායා ඔහු දිහා බැලුවේ තරමක් වේදනාවෙන්.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now