"නූ..., ඔයා මොනාහරි ප්‍රශ්නෙක ද ඉන්නේ?" රදීෂ් හෙමින් සීරුවේ ඇයගේ කනට කර විමසුවත් නුරායා කළේ ඔහු දෙස බලා සිටීම පමණකි. අවසන කිසිවක් නොපැවසූ නුරායා හිස දෑතට සැලුවේ එසේ නොමැති  බව ඇඟවීමටයි.

。☆✼★━━━━━✧・🖤🌙♥・✧━━━━━★✼☆。

"මේ.. උඹ දැන් මේ ගේ අස්සේ රිංගනවා වැඩියි ආආ..හ්.. යකෝ මගේ කෙල්ලවවත් මම උඹව තරම් ගෙදෙට්ට එක්කන් ඇවිත් නැතුව ඇති" අරවින්ද ජනිත්ගේ උරහිස වටා අතක් යවා ඔහුව තද කරමින් පැවසුවේ, අනෙක් අතින් ජනිත්ගේ හිසකෙස් ද අවුස්සමිනි.

ඔවුන් දෙදෙනාම නිවසට ඇතුළු වෙද්දීම පොතකුත් අතේ තියාගෙන එහෙ මෙහෙ ඇවිදිමින් කලබලයෙන් මෙන් පාඩම් කරන සේපාලිකාවයි ඔවුන්ගේ නෙත ගැටුනේ.

"මොකෝ තමුසේ අහස පොළොව ගැටලන්න පාඩම් කරන්නේ?" සේපාලිකාගේ හිසට පහරක් ගසමින් නිවසට ඇතුළුව තම ගමන් මල්ල ගලවා පුටුවක් මතට දැමූ අරවින්ද විමසුවා.

"අනේ යනවා යන්න බූරුවෝ.. හෙට ටෙස්ට් එකක්.. අනේ මට පිස්සු වගේ ඕයි... මම මේ සියවෙනිපාරට වෙන්නැති පාඩම් කරන්නේ.. මට මතක හිටින්නෙම නෑ ඕයි මේ විකාරේ... අනේ අයියේ....." කන්කෙඳිරි ගාමින් අරවින්දගේ ඇඟේම එල්ලුනු සේපාලිකා තවම ඉදිරි දොරටුව අසල සිට ඈ දෙස බලා සිටින ජනිත්ව දුටුවේ නැත.

"මට බෑ ඕයි ආයේ එක්සෑම් එක කරන්න...." හිසකෙස් අවුස්ස ගනිමින් සේපාලිකා නැවත වතාවක් කන් කෙඳිරි ගාද්දී අරවින්ද මෙන්ම ජනිත් ගේ ද කෝපවත් දෑස් ඈ වෙතට යොමු වූයේ ක්ෂණයෙනි.

"පිස්සු හැදිලා ද ලොකූ ආහ්? මේ යකා මෙච්චර මහන්සිවෙන්නේ මොකට කියලද තමුසේ හිතන්නේ? උඹලා දෙන්නව හොද තැනකට ගේන්න නේද? කන පලාගන්නේ නැතුව ගිහින් පාඩම් කරනවා!" ජනිත්ගේ හඩ මුළු නිවසම දෙවනත් කරද්දී එක්වරම ඔහුව දුටු නිසා පුදුමයෙන් වූ සේපාලිකා අසුන්ගෙන සිටී පුටුවෙන් නැගිට තම කාමරය වෙතට දිව ගියේ විදුලි වේගයෙනි.

දිව යන සේපාලිකා දෙස බලා ජනිත් දෙසට හැරුණු අරවින්ද අත්පුඩියක් ගැසුවේ ජනිත් හටයි.

"උඹ යකෝ... මාර බඩුවක්නේ..."

"එහෙම තමයි ඉන්න ඕනේ. තෝ හුරතල් කරලා වැඩියි මුන් දෙන්නව" ජනිත් තම කමිසයේ කොලරය ඔසවමින් පැවසුවේ  ආඩම්බරයෙනි.

සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Where stories live. Discover now