මිනිස්සු අනික් අයගේ අවදානේ ගන්න මේ තරම් බොරු කියන්නේ ඇයි මම හොදටම දන්නවා ලොකූට යාලුවෝ නෑ මොකද එයා අපිව ඇරුනම කාවවත් විශ්වාස කරන්නෑ තාත්තා මැරෙන්න කලින් හොස්පිට්ල් එකේදි අන්තිමට අයියට කියලා තියෙන්නේ තමන්ගෙම අයව උනත් ඕනවට වඩා විශ්වාස කරන්න එපා කියලා ලොකූ යාලුවෙක් කියලා කෙනෙක්ව ආශ්‍රය කරේම නෑ

ටිකට්ස් ගැන කිව්වොත් කෝල් එකක් දුන්න ගමන් විකීගේ කොන්සට් එකම කැන්සල් කරලා දාන්න තරම් උනත් බලයක් මට තියනවා හුම්ම් නේහා දන්නෑ මේ නම්කි බබාට අයියලා ඔක්කෝම බයයි කියලා

🌼 එමී ටිකට් ගන්න....

🌸 ඒ ගැන හිතන්න එපා යූරා....ඒක මම බලාගන්නම් ඔයා දැන් නිදහසේ කන්නකෝ









ඉස්කෝලේ ඉවර වෙලා පුරුදු විදිහටම මම පයින් ගෙදර ගියේ විකීගෙන් ටිකක් ඉල්ලන හැටි ගැන කල්පනා කර කර ඔලුවත් කස කස ගේ ඇතුලට යද්දිම දොරේ හැප්පුනා
ඔවු ඉතින් දොර ඇරන් නෙමේනෙ ගියේ දොර ඇරගෙන ඇතුලට යද්දිම තව තාප්පෙක හැප්පුනා

🌸 ආව්...

🖤 අහ් සොරි

තාප්පයක් නෙමේ මේ ජුලියන් නේ

🌸  මොකද මනුස්සයෝ තාප්පයක් ගහලා වගේ පාර මැද්දේ ඉන්නේ

🖤 මට තව ක්ශනික කෑම ජාති කන්න බෑ

🌸 අනේ මනුස්සයෝ මන් ඉන්නෙ ප්‍රශ්න ගොඩක ඕකද තමුන්‍ට තියන ප්‍රශ්නේ

🖤 මොනා කරන්නත් කන්න ඕනේ

🌸 මට උයන්න බෑ ඒකයි මම ක්ශනික කෑම කන්නේ

දොර හරස් කරන් හිටිය ජුලියන්වත් තල්ලු කරලා බෑග් එකත් සෝෆා එකට විසික් කරන් මම කාමරේට ගියා මම මේ ප්‍රශ්න ගොඩක ඉන්නවා මෙයා කන දෙයක් ගැන කියෝනවා

🌸📞හලෝ සුදු මහත්තයෝ

🦊📞 බටර් ගාන්නැතුව කියනවා

🌸📞  ඔයාගේ කොන්සට් එකේ ෆස්ට් ක්ලාස් ටිකක් තුනක් දෙනවකෝ

🦊📞 සිරාවටම තමුසේ එනවද මගේ කොන්සට් එක බලන්න

🌸📞 ඇයි එපාද

🦊📞 නෑ නෑ එනවා එනවා මේ පාර මම හොදටම කරනවා

🌸📞 ටිකට් තුනක් ගෙනත් දෙන්න බෑද

🦊📞 කොන්සට් එක හින්දා මේ ටිකේ මම ටිකක් බිසී පැටියෝ....මම ඔයාට ඇඩ්‍රස් එකක් එවන්නම් හෙට තුනට ඔයා එතෙන්‍ට ගිහිල්ලා මගේ රූම් එකේ මේසෙ උඩ තියන ටිකට් වලින් තුනක් ගන්න

🌸📞 සිකුර්ටිලා එහෙම නැද්ද

🦊📞 නෑ නෑ ඒ ගේ මායි අයියලයි විතරයි දන්නේ අපි ලගදි ඒ ගේ ගත්තේ

🌸📞 මට කිව්වෙවත් නෑ

🦊📞 දැන් කිව්වනේ.... ඒ බබා මට කතා කරනවා මන් යන්නම්...සී යු

🌸📞 හරේ මම එන්නම් බායි

එක මෙහෙයුමක් අවසානයි
අඩඩ්ඩේ මොකක්ද ඒ සුවද හම්මෝ එරික් උයද්දි එන සුවදට වඩා පොඩ්ඩක් වෙනස්
ෆෝන් එක එහෙම්ම දාලා මම කුස්සියට ඇදිගෙන ගියා බලද්දි ජුලියන් උයනවා

මේ සතියට මම ජුලියන් ගැන දේවල් කීපයක් දැන ගත්‍තා

එයා හිනා වෙන්න දන්නෑ
බුම්මන් ඉන්න දක්ශයි
ඕන දෙයක් කරන්න පුලුවන්
බර උස්සන්න පුලුවන්
සෝක් බොඩියක් තියෙ(හොරෙම් බලම් හිටියා නාද්දි)
දෙවනි වගේ හොර අල්ලන්න දක්ශයි
එයා හොදයි ඒත් පෙන්නන්නෑ
එයාගෙ කටහඩ හරි දරුනුයි
ඇහුනත් ඇහුන්නෑ වගේ ඉන්න විසේස හැකියාවක් එයාට තියනවා

Rose Of Knights ✔️Where stories live. Discover now