20

2.7K 370 287
                                    

එදා ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ පලවෙනි ඉන්ටර්විව් එකෙන් පස්සේ ඒ සතියෙම ගෙවිලා ගියේ ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ වැඩ,ඉස්කෝලේ වැඩත් එක්ක,ඩ්‍රාම එකටයි.අකේන්කාරය කියපු විදිහටම මාව ඉන්ටර්විව් එකෙන් සිලෙක්ට් වෙලා තිබ්බා.ඊට පස්සේ ගුරු චන්දෙත් සිකුරාද තියල ඉවර කරා.බොහෝ වෙලාවට මේ සතියේ අග නැතිවුනොත් ලබන සතියේ මුල වෙද්දි කවුරු කවුරු ප්‍රිෆෙක්ට් බෝඩ් එකට සිලෙක්ට් වෙලා තියෙනවද කියල කියයි.

ගිය සතියේ එදා බස් හෝල්ට් එකේ සිද්දියෙන් පස්සෙ ප්‍රශ්නයක් නැතුවම ගෙවිල ගියා කිව්වොත් වැරදියි.ප්‍රශ්න නම් මොකද ඉවරයක් නැත්තේ.තාත්තා කියන කෙනා ආපහු ඇවිල්ලා අම්මට මොන මොනාද කියල ගිහින් තිබ්බා.මමත් දැනගත්තේ අල්ලපු ගෙදර ඇන්ටි කියනකොට.අම්ම මට ඒ මනුස්සය ආපු වගක්වත් කිව්වේ නැ.අන්තිමට කියල ගියේ මොනවද කියල කිව්වෙත් නැ.මට වෙලාවකට ඔය මනුස්සයගෙ ගෙදරට ගිහින් දෙකක් කියල එන්නත් හිතෙනවා.

ඒකෙන් වෙන්නේ ප්‍රශ්න වැඩි වෙන එක මිසක් අඩු වෙන එක නොවන නිසා ඔන්න ඔහේ ඉන්නවා.අනික ඔය මොනවා කලත් අපේ අම්ම තාමත් ඒ මනුස්සයට ආදරෙයි.එහෙව් එකේ මායි තාත්තයි කියන කෙනයි රන්ඩු වෙන හැම පාරකම අසරන වෙන්නේ එයා කියලා නොදන්නව නෙමෙයි.ඒත් මගේ අම්මට අනම් මනම් කියල ඒ අහින්සක හිත රිද්දලා අඩවනකොට පුතෙක් විදිහට මටත් දරන් ඉන්න පුලුවන් සීමාවක් තියෙනවා.ඒ හින්දා මේ පාරට විතරක් මම නවතින්න හිතුවා.

සෙනසුරාද ක්ලාස්,ඉරිදා ගෙදර වැඩ,ඊයේ හවස ටේබල් ටෙනිස් ප්‍රැක්ටිස්,අද අගහරුවාද හවස හය වෙනකන්ම ඩ්‍රාම ප්‍රැක්ටිස් දාල.ඩේ එකට තව සති දෙකක්වත් නැ.ඒ අස්සෙන් අපේ නාට්ටියේ ඩිරෙක්ටර් දොඩම් බිබික්මාට මේ දවස්වල අර්ශස් අමාරුවක් හැදිලා ඉන්නෙ.හොස්ස ලගින් මැස්ස යන්න බැ කාලි වැහෙනවා.

දැනුත් මේ අපි කට්ටියම මේන් හෝල් එකේ වාඩි වෙලා ඉන්නේ ඩ්‍රාම ප්‍රැක්ටිස් වලට.අද නම් හවස 6 විතර වෙනකන් තියෙයි.අපේ ක්ලස් එකට ඩ්‍රාම එකයි පැදුරු සාජ්ජෙයි දෙකම  තියෙනවා.ඒ මදිවට ඩේ එකේ අපේ ක්ලස් එකෙන් කරන්න ඕන ඩෙකරේශන්ස්,මුලු සෙක්ශන් එකක් විදිහට තියෙන වැඩයි,ඒ අස්සේ තව කොමර්ස් එකෙන් භාගෙකට වැඩිය ප්‍රිෆෙක්ට්ශිප් ඉල්ලනවා.

නසරාණියාWhere stories live. Discover now