06

2.4K 348 49
                                    

ආවෙ කීයටද ආවෙ කොහොමද කියල නිනව්වක් නැතිව මම මේ කබඩ් දෙක අස්සෙ හිරවෙලා ගොඩක් වෙලා.හිර වෙලා කියල කිව්වට ඉතින් බලෙන් ඇවිත් මෙකෙ ලැග්ගෙ මමනේ.කබඩ් අස්සෙන් පේනෙ දොර උඩ ඔරලෝසුවෙ විදිහට දැන්නම් ඉස්කෝලෙ ලමයි ගිහින් ඇති.වෙලාව 3 යි.උදේ ක්ලාස් එකේ සිද්ධ වුණ සිද්දියත් එක්ක මේක අස්සෙට දුවන් ආපු මට කවදාවත් නැති තරම් ඇඩුනා.කොල්ලෙක්ට ඇඩුනා?

ඇයි කොල්ලෙක්ට අඩන්න බැරිද?අපි කියල හැගීම් දැනීම් නැති මිනිස්සුද?පිරිමි උනත් අපිටත් දරන්න පුලුවන් සීමාවල් තියෙනවා.අපි කියල නිවන් දැකපු මිනිස්සු නෙමෙයිනේ,පෘතග්ජන මිනිස්සුනේ.මම නම් කියන්නෙ කදුලු කියන්නෙ මනුස්සයෙක්ට දුර්වලකමක් නෙමෙයි.සමහර දේවල් වලට කදුලු නාස්ති කරන්න එපා කිව්වත් කදුලු කියන්නෙ වේදනවක්,සතුටක්,කැපවීමක් වගේ හැගීම් ගොඩක් පෙන්නන් පුලුවන් විදිහක්.ඒවට වටිනාමක් තියෙනව.අපි ගෙවන හැගීම අනුව ඒ වටිනාකම් වෙනස් වෙනව.කදුලු, මිනිස්සු කොච්චර සංවේදි හදවත් ඇති මිනිස්ස්සුද කියල පෙන්නනවා.ඒ නිසා කොල්ලෙක් උනත් සමහර තැන් තියෙනවා මමත් අඩනවා.ඒත් පිරිමි අපි අඩන වාර ලෝකෙට පේන්නේ නැ.හොරාට අඩලා යකෙක් වගේ ඉන්නවා.ඒකෙන් කියන්නෙ නැ අපි හොදින් කියලා.

වෙලාව 3.10 යි.ආපු වෙලාවෙ ඉදන් ඇඩුන මහන්සියටයි බඩේ දැවිල්ලක් එක්ක ආව ක්ලාන්තේ ගතියත් එක්ක මට නින්ද ගිහින් ඇහැරෙද්දි 2 යි.මේ දවස් ටිකේම ගරාජ් එකෙ වැඩයි පාඩම් වැඩත් එක්ක ප්‍රැක්ටිස් එක්ක වැඩ හිරවෙලා නිද ගන්න බැරි උන නිසා ද මන්දා කවදාවත් නැතිව හොදට නින්ද ගියා.අඩපු නිසාද මන්දා උගුරෙ හිරවෙච්ච ගතිය අඩු වෙලා තිබ්බත් ආපහු නැගිටිද්දි ඔලුව බර ගතියක් දැනුනා.අඩපු නිසාද මන්දා?ඒ වෙලාවෙ ඉදන් පැයක් තිස්සෙම මම බිත්තියෙ ගහල තිබ්බ ඔරලෝසුව දිහා බලන් හිටියේ මෙලෝ අරමුණක් නැතුවා.

මට ඕනෙ උනේ පන්තියේ එකෙක්ටවත් මුන නොගැහී මෙතනින් පැනගන්නනම්.දැන් නම් ප්‍රැක්ටිස්වලට යන අයය ගෙදර යන දෙගොල්ලොම ගිහින් ඇති ,නිසා ක්ලාස් එකට යන්න හිතන් නැගිට්ටත් ගොඩක් වෙල ඉදන් හිටිය නිසාද මන්දා කකුල් දෙකම හිරි වැටිලාද  කොහෙද බැලැන්ස් ණතුව වැටෙන්න ගියත් මම එහා පැත්තේ කබ්ඩ් එක අල්ලන් නැගිට්ටා.

නසරාණියාWhere stories live. Discover now