18

2.5K 341 305
                                    

පැසෙන්ජර් සීට් එක පැත්තෙන් බැස්ස නෙලීශයා කාර් එකේ දොරට අත තියන්ම ඇතුලේ ඩ්‍රයිවර් කාරයාට මොනාද කියලා දොර වහලා දැම්මා.ඊට පස්සේ ඒ ආපු වාහනේ දුවිල්ලත් අවුස්සන් යනකොට නෙලීශයා මොනාද මල්ලකුත් උස්සන් අපේ ගේ පැත්තට එන්න හැරුනා.ඉස්තෝප්පුවේ ඉදපු මාව දැකලා ඌ දාගෙන අත වැනුවා.අකේන්කාරයව දැකල නැද්ද කොහෙද?මම ශේප් එක සිප්පි හිකනලා දිහා බැලුවහම පොර ඉන්නවා අත් දෙකත් සාක්කුවට දාන් අර මරුමුරුස් පෙනුමත් ආරුඪ කරන්.මේක හිනාවෙන්න දන්නෙම නැද්ද?

මම බලන් ඉන්නවා කියලා තේරිලද කොහෙද ඒ ඇස් මගේ දිහාට හැරුනා.මාව අලුවෙලායන තරම් නැත්තන් මට දරාගන්න බැරි තරම් බැල්මක් ඒ ඇස් වල තිබුනා.මට හිතුනෙම ඒකෙන් පිච්චෙනවා හැගීමක්.ඒත් ඉතින් මගේ පණ්ඩිතකමට මමත් ඒ ඇස් දිහාම බලන් හිටියේ චැලෙන්ජ් එකට වාගේ.මම ඇස් අහකට නොගන්නව කියල තේරුනත් ඒ ඇස් ගැස්සුනේ නැ.මම ඒ ඇස් දිහාම බලන් හිටියේ.

කොච්චරවත් සිප්පි හිකනෙලක් කිව්වට මේ මනුස්සය ඇත්ටටම මම දැක්ක කඩවසම්ම වගෙම හොද පෞරුෂයක් තිබ්බ කෙනෙක්.නාහෙට නාහෙන එක වෙනම එකක.ඒ මූනේ තිබ්බ හැඩ ගොඩක් වෙලාවට පිරිමි අපි අපෙන් බලාපොරොත්තු වෙන නිසාමද මන්දා මම ඒ මූන දිහා බලන් හිටියා. මොනා උනත් මම ඒ මූනේ ආසම ඒ ඇස් වලට .කලු ඇස්.ඒවා දිලිහෙනකොට රැ තරු පිරිච්ච අහසක් වගේ.හරියටම මේ වෙලාවෙ ඒ වගේම පේනවා.ඒත් මට හිතෙන්නේ ඇයි මට මොනා හරි මග ඇරුන වගේ කියලා.ඒ ඇස්වල විශේෂයෙක් නැ.හැබැයි අමුතුම ලස්සනක් තිබ්බ.නැ කිව්වොත් බොරුවක්.

මම කල්පනා ලෝකෙන් මිදිලා ගැස්සුනේ මගේ කම්මුලක් පිරිමැද්ද ඒ ගොරෝසු ඇගිලි තුඩුවලින්.සර්ගේ මහපැටගිල්ල මගේ කම්මුලත් පිරිමැදන් මගේ තොලේ කෙලවරක් ගාවින් ඇදිලා යනකොට මමම පස්සට තල්ලු වුනා.මම ඇස් දෙකත් ලොකු කරන් බය වෙලා ඉන්න බව තේරිලාමද මන්දා මහැපැටගිල්ල නොපිටා පෙරලල පෙන්නුවා.හවස කාපු චොකලට් කේක් එකේ අයිසින්.මම ඒ එක්කම මගේ කම්මුල පිහදාගත්තා.

"කනකොට මූන පුරාම ගාගෙනද කන්නෙ?නැත්තන් රැට කන්න කියල ඉතුරු කරගත්තද?"

"අනේ මේ.මම දැක්කේ නැ.ඔයා දැක්කනම් කලින් කියන්න එපැයි.දැන් කියන්න්නේ."

නසරාණියාWhere stories live. Discover now