සෝෆා එකේ ඔලුවෙන් ඉදගෙන ටීවි බල බල ඉදපු මම අම්මගේ ස්කූටියේ සද්දෙට ජිම්නාස්ටික් පාරක් දාල නැගිටල ගිහින් දොර ඇරියේ ටීවි එකත් වහල දාල යන ගමන්.වෙනදා වගේම කොච්චර අමාරුකම් තිබ්බත් අම්මට දෙන්න පුලුවන් ලස්සනම හිනාව දෙන ගමන් ගෙට ආවේ මගේ අතේ ගෙදරට ගෙනාව මල්ල තියෙන ගමන්.

"මගේ රත්තරන් දැන්ද ආවේ?"

"ම්ම් පැයක් විතර ඇති.අද හවස් වෙනකන්ම ප්‍රැක්ටිස් තිබ්බ.මැචස් ලබන සතියෙට පස්සෙනේ.ඉරිද ප්‍රැක්ටිස් දාන කතාවක් කිව්වා."

"ම්ම් මගේ පුතාට මහන්සිත් ඇතිනේ,ඉන්නකෝ මම ඉක්මනට නාල එන්නම්."

"මට මහන්සි නැ අප්ප.අම්ම නාල එන්න මම හොදි එක පටස් ගාල හදන්නම්."

මම එහෙම කියන ගමන් අම්මව අම්මගේ කාමරෙ පැත්තට යවල එලියට ගිහින් ගේට්ටුව වහල දාල ඇවිත් එලියේ තියෙන ලයිට් එක දාල ඉස්සරහ දොරවල් වහල දාල කෙලින්ම ගියේ කුස්සියට.තක්කාලි හොද්ද ලිපේ තියල බිත්තර තුනක් කඩලා දාල ඒකට කලින් කපල තියාගත්ත ටිකත් දාල අනිත් ලිපෙන් ඔම්ලට් එක දාගත්තා.ඒ අතරතුරෙ පාන් ටිකත් කපල මේසෙට ඇරියා.අම්ම එනකොට හොද්ද හදලා මේසෙට ඇරිය.කොහොමත් රැ කැම වෙලාව කියන්නෙ ඉතින් අම්මයි මමයි සතියෙ දවස්වල වැඩිම වෙලාවල් එකට ඉන්න වෙලාවනේ.උදේ කිරි එක හදනකන් ඇරුනහම ආයෙ ඉතින් අම්ම එකට ඕෆ් වෙන දවස්වලටයි ඉරිදා දවස්වලටයි තමා අපි දෙන්න එකට ඉන්නේ.අම්මා ෆුල් ඩේ කරන දවස්වලට මම තනියම.

පුන්චි කාලෙනම් මාත් අම්ම එක්ක හොස්පිටල් හිටියා. චිරායුත් එක්ක ෆිට් වුනු කාලේ චිරායුත් එක්ක එයාලගේ ගෙදර හිටියා.එහෙත් ඉතින් ආන්ටියි චිරායුයි විතරයි ගොඩක් වෙලාවට,අන්කල් වරායෙනේ වැඩ කරන්නේ,එයා එන්නෙ මාස 6කට විතර සැරයක්.උන්ගේ අම්ම ඩියුටි දවස්වලට එක්කො අපේ ගෙදර.දැන්නම් ඉතින් ලොකු නිසා තනියම ඉන්නවා.කන වෙලාවට ඉතින් පාඩම් වැඩ එදිනෙදා වෙන දේවල් තමයි ඉතින් අම්මයි මායි කතා කරන්නේ.

අම්මා එක්ක කතා කරල අම්මා නිදාගන්න ගියාට පස්සේ මම ගෙදර අනිත් ලයිට් නිවාගෙන කෙලින්ම මගේ කාමරෙට ගිය.හෙට ඉතින් සෙනසුරාදනේ.ක්ලාස් දවස.පුප ඉරන් ලැලි රත් කරන්න යන්න එපැයි.එපා වෙනව ඒකනම්.ටියුශන් ක්ලාස් නම් සාපයක්.අපෙන් 2500 ක් 3000ක් විතර අරන් ,පස්ස පැත්තේ සයිස් එකවත් නැති හීනි බන්කුවක් දෙන්නේ.හේත්තුවෙන්න එකක් නැ.මලාට බිත්තිය අයිනේ ඉන්න එකාට දොට්ටපිලට යන්න ඕනේ වුනොත් ඔක්කොම හබක්.ඌට යන්න නැගිටල වාඩි වෙද්දි සර් පාඩමෙන් සැහෙන කොටසකුත් කරලා ගනන් වගෙකුත් හදලා.අරු ආපහු ආවහම යන්න නැගිට්ටහම පාඩමේ ඉතුරු ටිකත් ඉවරයි දවසම හබක්.අපි නම් ක්ලාස් වල අපේ සෙට් එක එකට ඉන්නේ.ඒ හින්ද ලොකු අවුලක් නැ.බරක් හැදුනොත් පාඩමක් උගන්නන වෙලාවට චිරයුවට තමයි.ඌට ක්ලාස් එක පටන් ගත්ත වෙලේ ඉදන් ටොයිලට් බර.නෙලීශය ඒ හින්දා ඌව ක්ලාස් එකට එක්කන් එන්නේ බර නිදහස් කරගන්න එක්කන් ගිහිල්ල.

නසරාණියාWhere stories live. Discover now