17 ♡

2.2K 369 222
                                    


' මාසා නැගිටිනවා...'

' ඒ මල්ලි නැගිටිනවා...අටහමාරයි වෙලාව..'
මොන හුහ්!! අනේ පලකො යන්න..නිදාගන්න නෑ නිදාසෙ.

' සුදු මාසි කෙල්ල...නැගිටින්න අප්පච්චියා...'

' ඒයි මල්ලි !! නැගිටින්න නේද කිව්වෙ උඹට..නැගිටපන් කිව්වම අහලා.. '
..

" අනේ ටිකක් නිදාගන්න දීලා පලයංකො බං අක්කේ..."


' නැගිටිනවා...මට ඔය කාමරේ අතුගාන්න තියෙන්නෙ ..මේ දොර අරිනවා මල්ලි...අන්න අම්මි කිව්වා උඹව නැගිට්ටවන්න කියලා..'

හෑපෝ අපෙ බඩ්ඩ උදේ පාන්දරම කොහු ඉදල් අතට අරගෙනද..!?
පොඩ්ඩක් හිටහන්..කවදාවත් නැතුව උදේ පාන්දර කොස්ස අතට ගන්නෙ නැති එකී මොකද මේ අද ...

' නැගිටින්න මයෙ සං කොටේ...චූටක්කට තරහ යන්න කලින් නැගිටින්න මයෙ සුදු කොල්ලා...'

ඒව්...ගොං බඩ්ඩගෙ තොඳොලෙ...ඕකි එන්නෙ හොඳකට නෙමේ..

" කටවහගෙන පලයන්කො යන්න...නිදාගන්නත් නෑ මල වදේ..."

' මල්ලි උඹ නැගිටිනවද නැද්ද..ආය කියන් නෑ මේ අන්තිම පාර '

අනෙප් මං බයවෙයි ..ඇට රිලවි !! උස්සලා පොලේ ගහනවා මං ඕකිව..හහ්..මොනෝම්තක්ද යකෝ...ඇයි වදේ..
ඒකි දොරට කොසු මිටෙන් ගහලා ගහලා ඇති උනාට පස්සෙ ගියාද කොහෙ...හහ්..ආවා මෙතන මාව ඇහැරවන්න...
මං ආයෙම පුකත් උඩ දාගෙන අනිත් පැත්තට හැරුනා...
මොනා උනත් නිදාගන්න එකයි වැදගත්..

අමුක ඩුමුක අමල් ඩුමල්....
ඩුම්කු ටුපාහ් ඩුම්කු ටුපහ්...

අමුක ඩුමුක අමල් ඩුමල්....
ඩුම්කු ටුපහ් ඩුම්කු ටුපහ්..

යෙප්පාප්පා යෙපප්පවේ  ..

හිතක් තිබුනා ඔබ ලබන්-

මොන හුහ්තක්ද යකෝ ...
අර පරට්ටි හෙන සද්දෙට දැම්මා නේද සෙට් එක...!!
යකෝ ගේත් දෙදරනවා ඒකෙ සද්දෙට..
ආර්හ්හ්හ්...නෙද්දකින් මේකි මහ පුදුම වාතයක් උනානෙ...

" ආආආආආආආ......ඕක නවත්තපන් ගෑනියේඒඒඒඒ....."
මම පුල් සවුන්ඩ් එක දාලා ඇඳේ ඉඳලා කෑ ගැහුවා...කන් අඩි පැලෙන්නම මේකි සෙට් එක දාලා ඕයි...පරට්ටි හිටපිය තොට මං නැගිට්ටම හමන්නන්න...

බැකිය(𝐓𝐊)Where stories live. Discover now