04 ♡

2.8K 522 305
                                    

අවවාදයයි !! දැඩි වචන භාවිතා කර ඇති බැවින් 18 ට අඩු ඈයෝ හොරෙන් කියවා ශේප් එකේ ඉමු 😌...

________________________________________________

හවස් වෙලා හොස්ටලේට ඇවිත් නාගෙන කියාගෙන හිච්චි ශෝර්ටකුත් ගහගෙන ඇඳ උඩට නැගගෙන මම මේ වට්සැප් ගෲප් පැත්තෙ රස්තියාදුව..

හොබීතයා බුදි .. ඒකගෙ දතක් රිදෙනවලු.. දවල් කැන්ටිමේදි මේකා කටු කන බල්ලා වගේ චිකන් රයිස් එකේ මස් කටු ටික හපලා දත් දෙක හිල් වෙලාද කොහෙ..

වලයයි , බිලාලයයි තව නානවා..ගියා ගියාමයි ඒ යක්කු දෙන්නත් නෑ.. සින්නෙක්ට වත් අහුවෙලා ඇති මයෙ හිතේ..ඩකාගෙ වැඩේම බිලාලයා නාන වෙලාවට ඇවිත් බිලාලයාට කියලා ඒකගෙ කුනු අතුල්ලගන්න එක.. සමහර විට බලලාට අදත් බඩු බනිස් ඇති...මොකද ඌ සාමාන්‍යයෙන් නාන්න මෙච්චර වෙලා ගන් නෑ..විනාඩි දෙකෙන් එනවා..අද සබ්බුව වැදිලා ඇති..

වට්සැප් එකේ රිංගගෙන ගෲප් චැටකට ඔලුව දාගෙන ඉන්නකොට නිකමට මතක් වෙලා මම අරූගෙ නම්බර් එක වට්සැප් පෙන්නනවද බලන්න උගෙ නම්බර් එක සේව් දාගත්තා..

Double Besikaya 🖕👌

හම්මට ඩන්කන් කිව්වලු .. අඩේ මේකගෙ ඩීපියේ ඉන්නෙ මූ මද ?
හිතන්න බෑනෙ.. දැන් තියෙන ගොරක පෙනුම නෑ .. ඩීපිය ගති හැබැයි..ෆුල් කිට් පිට ඉන්නෙ ..  ඔහොම ඉඳපන් zoom කරලා බලන්න...

හෝව් හෝව් අඩේ මලෝත්තයි.... ආහ්හ්හ් ශිට්... මං ඉවරයි...

හේ හේ යාලුවේ මම වැඩේ ගූ කරගත්තා... නයිස් කියන්න මට...

ඕයි මගෙ අතින් උගෙ වීඩියෝ icon එක ටච් වෙලා උට video call එකක් ගියා ...🙂👍
හරිම ශෝක් පුංචි ගස් බල්ලා මං ...

ඒ ඒ වෙලාවට ඌ ඔන්ලයින් නෑ..ආහ්හ් ඒත් උට මිස්ඩ් කෝල් එක පෙන්නයි... ඌ දවල් දාපු එක මැසේජ් එකකට වත් රිප් නොදා හිටපු මං මොන උණහපුලු බෙට්ටක්ද ඒ කලේ...?

ඉවරයිනෙ ... ඉවරයි... ආ මං ඉවරයි....මගෙ තේජාන්විත ගෞරවේ ඉවරයි..

ෆෝන් එකේ ඩේටත් ඕෆ් කරලා ඒ අටමගල පැත්තකට වීසි කරලා මම කරගත්තු පඩත්තර වැඩේ ගැන හිත හිතම ඔලුව කොට්ටෙ අස්සෙ ගහගත්තා..

ඉ+ලව්Where stories live. Discover now